Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මාෂල් සහ ලෝක යුද්ධ

මාෂල් සහ ලෝක යුද්ධ

About this book

කාලය බොහෝ දේ නිර්මාණය කරන්නට සමත් ය. එය සිදුවන්නේ අවකාශය තුළ ය. ඊට අනුව කාලය සහ අවකාශය මිනිස් ජීවිතය සමග අත්‍යන්තයෙන් බැඳී පවතී. මිනිසා ඇසුරෙහි සමහර සත්ත්වයෝ ද මෙම කාල අවකාශයීය සීමාවන් තුළ හැදෙති, වැඩෙති.

පළමුවන සහ දෙවන ලෝක මහා සංග්‍රාමයන් ද්වයෙහිදී ම සෝවියට් දේශය වෙනුවෙන් වීරෝධාර ලෙස සටන් වැදුණු මාර්ෂල් වරයකු සහ ඔහු දරා හුන් අශ්වයකු පිළිබද කතා පුවත අවුරුදු ගණනාවක කාල අවකාශයීය සීමාවන් අප හමුවට ගෙන ඒ. යුද්ධය, එහි බිහිසුණු බව මෙන්ම ජයග්‍රහණයන් සහ පරාජයන් ද, යුද්ධය හේතුවෙන් ජීවිත වෙලා ගන්නා ඛේදවාචකයන් ද මෙහි විස්තර කර තිබේ. මේ වන විට මහලු වියට පත්ව එකිනෙකා මුණ නොගැසී ස්ථාන දෙකක ජීවත්වන මාර්ෂල් සහ අශ්වයා වර්තමාන කාල අවකාශයීය සීමාවන් බිඳ දමමින් අතීතයට පිවිස යුද්ධයේ අත්දැකීම් අපත් සමග බෙදා ගනී.

නමුත් ජීවිතයේ අවසන් මොහොතේ දී දෙදෙනා ම මරණ මංචකයේ සිටිය දී යළි එකිනෙකා හමු වෙති. අතිශය හැගුම්බර මොහොතකට පසු නැවත කිසි දිනෙකත් එකිනෙකා හමු නොවන බව දැන ඔවුන් දෙදෙනා වෙන් ව යති. හැගුම්බර හමුවීමකින් පසු වෙන්ව යන ඔවුන් දෙදෙනා එයින් මද කලෙකට පසු මිය යන්නේ දේශයේ සැබෑ විරුවන් ලෙස ය. සැබැවින්ම විරුවෝ නොමියෙති. මෙහි දැක්වෙන්නේ ඒ ලෙස නැවත උපන් ඔවුන් දෙදෙනාගේ වීරත්වයෙන් සහ අපූර්වත්වයෙන් පිරි සංග්‍රාමීය ජීවිතයේ කතා පුවතයි.

Details
ISBN
9786245865734
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මාෂල් සහ ලෝක යුද්ධ

Reviews are published once a member of our team has read them.