Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රම්පාගේ කතාව

රම්පාගේ කතාව

About this book

විස්මයජනක සත්‍යය

ටී. ලොබ්සාං රම්පාගේ 'තෙවෙනි ඇස' සහ ඔහු අතින් ලියවුණු අනෙකුත් කෘතින් තරමටම මෑත කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළා වූ තවත් කෘති ඇත්නම් ඒ ඉතාමත් සුළු ප්‍රමාණයකි.

හේතුව ඉතා සරලය. ටිබෙට් ලාමාවරයකුගේ ආත්මය තම ශරීරයට අරක් ගෙන ඇතැයි ඉංග්‍රීසි ජාතිකයකු පැවසූ විට ඔහු සරදමටත්, අපහාසයටත් බඳුන් වෙයි. තව දුරටත් ඔහු සවිස්තරාත්මකව ස්වභාව ධර්මයෙන් පිටස්තර වූ විමතිය දනවන පෞද්ගලික ශක්තින් පිළිබඳ අත්දැකීම් විස්තර කරන විට ප්‍රතිචාර ලෙස නැඟෙන්නේ මහත් ඝෝෂාවකි. නමුත් ඒ ආකාරයේ ඝෝෂාවක් පැන නැඟෙන්නේ නොතකා හැරීම් හරහාය. ඊට පෙර තමන් නොදැන සිටි යමක් අනාවරණය වීම බොහෝ අයට බාධාවකි. කරදරයකි. එහෙත් මේ වන විට ආචාර්ය රම්පාගේ පාඨකයෝ දස දහස් ගණනින් ලොව වටා සිටිති. එහි අරුත තමන් නොදන්නා, නොඇසූ දෙයට සියලු දෙනා මනස් වසාගෙන නොසිටින බවය.

මෙය එම විවෘත මනස් සහිත පාඨකයන්ට ය. ඔහු පවසන කතා අසත්‍ය යැයි මෙතෙක් සනාථ කොට නැත. එම කතා අසත්‍ය නම් ඒවා ඔහුගේ දැනුමට එකතු වූයේ කෙසේද යන්නත් කිසිවකුත් පැහැදිලි කර නැත. ආචාර්ය රම්පා මෙම පොත ලියූ අතර මෙය ඔහුගේ තුන්වෙනි කෘතිය ද වෙයි.

රම්පාගේ කතාව තමා විවේචනය කළ සියලු දෙනාට ලොබ්සාං රම්පා දෙන පිළිතුර ය. මෙහි සෑම පිටුවකින්ම ඔහු තමන් පවසන්නේ සත්‍යයක්ම බවට සහතික වෙයි.

Details
ISBN
9789556970814
පිටු ගණන (Pages)
271
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: රම්පාගේ කතාව

Reviews are published once a member of our team has read them.