Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / රිදුම් මැද නිවෙමි

රිදුම් මැද නිවෙමි

About this book

රිදුම් දෙන මතකයන්

අතර

තනි නොවී තනිවෙන්න

අවසන

නිවී සැනසෙන්න

"රිදුම් මැද නිවෙමි"

නුඹට අවසරයි කියවන්න!

Details
ISBN
9786249374300
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. කාව්‍ය
    රිදුම් මැද නිවෙමි

    "සුදු පාට හැඩ කෙරුව ඔසරියට
    මාල හත එක්ක මම
    නිලමේ ඇඳුමට හැඩ
    මගේ පෙම්වත නුඹ

    තුනේ කණිසම පහුවෙලා
    ඔව් !
    අපි බැන්දේ හීනෙන් ..."

    රිදුම් මැද නිවෙමි තිෂාරා විතාන නම් යොවුන් කිවිඳිය ගේ ප්‍රථම කෘතිය වේ. තවමත් තම අධ්‍යාපන ජීවිතයේ කඩයිමක ගත කරන ඇය මේ ලෙසින් තම සිහිනය පාඨකයා හමුවේ ඉදිරිපත් කර ඇත.

    සිංහල සාහිත්‍යය තුළ කවිය යනු ඉතාමත් අපූරු රසවින්දනයක් වේ. කවියා තමන් එදිනෙදා නෙත ගැටෙන ඕනෑම ප්‍රස්තුතයක් තමන්ටම අනන්‍ය වූ ආකාරයකට සමාජය ඔස්සේ බෙදා හදා ගනී.

    රිදුම් මැද නිවෙමි කෘතියේ ඇති කාව්‍යයන් රසවිඳිමේදි ඇතැම් විටක ඔබට එය ඔබගේම අත්දැකීමක් ලෙස දැනිය හැක, නැතහොත් ඔබගේ සන්තාපයකට විසඳුමක් ලෙසද දැනෙනු ඇත.

    රිදුම් මැද නිවෙමි පිළිබඳව කෙටියෙන් සඳහන් කරන්නේ නම් එය වචන වලින් මවන්නා වූ අපූර්ව සිතුවමක් ලෙස හැඳින්විය හැක.

    දිවි මං තලාවේ ඇති තරඟය මැද්දේ
    රිදුමක් පමණි බොහො දෙන තුළ ඇත්තේ
    නිවීමට යමක් සොයමින් යන මත්තේ
    පැන් දහරක් බඳු කෘතියකි ඔබ හමුවට ගෙන ඇත්තේ

    සාහිත්‍ය ලොව දිගු ගමනකට තිෂාරාට සුබපැතුම් එක් කරමින් රිදුම් මැද නිවෙමි රසවිඳීමට ඔබට ඇරයුම් කරමි.

    ශානරය - කාව්‍ය
    මුද්‍රණය - 2024
    ප්‍රකාශනය - කතෘ ප්‍රකාශන
    මිල - රු. 540.00

    සටහන
    රංග යුදාර
    2024.10.06
    Ranga Yudara ·
Write a review

You're reviewing: රිදුම් මැද නිවෙමි

Reviews are published once a member of our team has read them.