"පුළුවන් වෙයි... අර කුමාරිව නවත්ත ගන්න පුළුවන් වෙන්න ඕන... අනික... අනිත් අයටත් එතනින් අයින් වෙන්න පුළුවන් නං හොඳයි... ඔයාට වගේ ආරක්ෂක බලවේගයක් ඒ ගොල්ලන්ට තියෙයිද දන්නෙ නෑ නේ..."
"ආරක්ෂක බලවේගයක්...?"
"ඔව්... ඉංග්‍රීසි කාරයෝ කියන්නේ ගාර්ඩියන් ඒන්ජල් කියලා... එහෙම උනාම ඒ ගොල්ල අර තමන්ට අයිති කෙනැත්තා බේරගන්නවලු කරදර වලින්... ඉංග්‍රීසි කාරයොන්ට විතරක් නෙවෙයි නේ එහෙම අය ඉන්නෙ... අපිටත් ඉන්නවා තිස්තුන්කෝටියක් දෙවි දේවතාවෝ... බලන්න රටේ ජනගහණය ගත්තම කීදෙනෙක්ද කියලා... එක්කෙනෙකුට තුන් හතර දෙනෙක් දෙවිවරු... ඒත් සමහර අයට එහෙම දෙවිවරු බලන්නෙ නෑ..."
"ඇයි...?" ඇය ඇසුවාය. මුවට සිනහවක් ආවද ඇය සිතමින් සිටියේ ඒවා සත්‍යයක් වෙන්නට හැකි බවය.
"සමහරු කරන වැඩි වලට දෙවි දේවතාවෝ කැමති නෑ... ඉතින් ඒ ගොල්ලො වැරදි වැඩ කරන වෙලාවට දෙවිගොල්ල කරන්නෙ අපේ අය වගේ නිදහසේ යම් යම් දේවල් වලින් සප්පායම් වෙන එක..." ඇයගේ සිනහව වැඩි කරවා සොමාල් කීවේය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.