“පාර මාරු වෙලා ඉවරයි... දැන් වත් ඉතින් මගේ අත අතඅරිනවද...?” ඇයගේ සවණ ළඟින්ම ඇසුණේ පිරිමි කටහඬකි. ඒ නම් තමාව විය නොහැකිය. මේ දේශ සීමාවේ තමා මෙන්ම තවත් බියැත්තියෝ සිටිය හැකිය. “අපි දැන් ඉන්නෙ පේව්මන්ට් එකේද සුභද්‍රා...?” ඇය ඇසුවේ මිතුරියගෙනි.
“ඔයා ඉන්නේ මාත් එක්ක මේ පැත්තේ පේව්මන්ට් එකේ... සුභද්‍රා ඉන්නේ අනික් පැත්තේ...” යළි පිරිමි කටහඬ කියද්දී ඇය දෑස් හැරියාය. ඇය දෝතින්ම බදාගෙන සිටියේ වෙනත් කාගේ දෝ තරුණයෙක්ගේ අතකි. ඔහුගේ කමිස අත ගැනවත් ඇයට හැඟීමක් තිබුණේ නැත. ඇය තිබුණාත් වඩා තදින් ඒ කමිසය සමගම අත මිරිකා ගත් බව ඇයට දැණුනේ ද නැත.
ඇය කියන්න සත්‍යයකි. සැබැවින්ම දුප්පත්කම ඉදිරි දොරින් එද්දී ආදරය පැලදොරින් පලා යන බව ඔහු දන්නේය.
එහෙත් විසල් නිවසක් නොමැති කම, සුඛෝපභෝගී වාහනයක් නොමැතිකම, දුප්පත්කම නොවේ.
දරිද්‍රතාවය එයට වඩා බලගතු වේදනාකාරී තත්ත්වයකි. එවැනි තත්ත්වයකට එන්නට තමාට හෝ ඇයට හෝ අවශ්‍යතාවයක් නැත. මෙම දිවයිනේ ඔවුන්ට හරියාකාර වැටුපක් නැති වුවහොත් මුදලක් සොයා විදේශගත වීම වෙනෙකකි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.