රුසියානු සාහිත්‍ය සමීක්ෂා
රුසියානු සාහිත්‍යය ලෝක සාහිත්‍යමය ධාරාවේ සුවිශේෂී ස්ථානයක් නියෝජනය කරන අතර සාහිත්‍යය විචාරය ද එහි අවියෝජනීය සංරචකයක් ලෙස බැඳී පවතින්නේ ය. රුසියානු සාහිත්‍යයේ අනන්‍යතාව වන්නේ එය එක්වර ම කාලයේ ආත්මය සහ ජනතාවගේ ආධ්‍යාත්මය අන්‍යෝන්‍ය ක්‍රියාකාරීව සහ සජීවීව පිළිබිඹු කිරීමකි. රුසියානු සාහිත්‍යය රුසියානු ජන ජීවිතයේ සහ රුසියානු ආධ්‍යාත්මයේ ප්‍රපංචයක් පමණක් නොව ලෝක ජනතාවගේ පොදු උරුමයක් මෙන් ම මානව සංහතියේ ආධ්‍යාත්මයේ කැඩපත යි. රුසියානු ජන ජීවිතය, රුසියානු දර්ශනය සහ විචාරය රුසියානු සාහිත්‍යයෙන් වෙන් කළ නොහැකි ය. රුසියානු සාහිත්‍ය සමාජය සහ ජන ජීවිතය පිළිබඳ සාකල්‍යමය වූ ද ගැඹුරු වූ ද දෘෂ්ටියක් විහිදුවාලන අතර විචාරය රුසියානු සාහිත්‍යය සඳහා ප්‍රත්‍යාවේක්ෂණාත්මක පර්යාලෝකනයක් විහිදුවා ලන්නේ ය.
මේ ඔබ අතට පත්වන "රුසියානු සාහිත්‍ය සමීක්ෂා" සමේලා රාජපක්ෂගේ කෘතිය රුසියානු සාහිත්‍යය විචාරයේ අවස්ථා සහ එහි විශේෂත්වය පිළිබඳ ප්‍රවේගාත්මක ප්‍රයත්නයක් වන අතර එමඟින් රුසියානු සාහිත්‍යයේ අද්විතීයත්වය, සජීවීභාවය ඉස්මතු කොට දක්වන්නේ ය. කතුවරිය සිය මූලික අධ්‍යාපනය ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙන් ලබා ඉන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය විශේෂවේදී උපාධිය හදාරමින් සිටින අතර දැනට ඇය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කරන "දෙසතිය" සඟරාවේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙස ද කටයුතු කරමින් සිටින්නී ය.
ආචාර්ය පියුමර් වීරසිංහ
ශ්‍රී පාලි මණ්ඩපය
කොළඹ විශ්වවිද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.