සැඩ සුළං
Danielle Steel
SEASON OF PASSION
සැඩ සුළං
පරිවර්තනය - වසන්තා පිගේරා
සුපිරි අමෙරිකානු පාපන්දු ක්‍රීඩා තරුවක් වූ ටොම් හාපර්
හමුවන විට, කේට් දහ අට හැවිරිදි සරසවි සිසුවියකි. ඇය
සතුටින්, සෙනෙහසින් ඇගේ ප්‍රථම ප්‍රේමය ඔහු සමඟ බෙදා
ගනියි. කේට් ඉතා රූමත්, ජනප්‍රිය නිරූපිකාවක් බවට පත්වන
විට, ටොම් සිය ක්‍රීඩා වෘත්තියෙහි හිනිපෙත්තටම නැගි දක්‍ෂ
පාපන්දු ක්‍රීඩකයෙක් බවට පත් වේ. ඔවුන් සතුට්න් ජීවිතය
ගත කරයි...
අවිනිශ්චිත මොහොතක ක්‍රීඩාවෙන් සමුගැනීමට සිදුවීම නිසා
හටගත් මානසික පීඩනය, සියදිවි නසාගැනීමේ අසාර්ථක
වෑයමකට ටොම්ව යොමු කරයි. දිවි ගලවා ගනු ලැබුවද කායික
හා මානසික දුබලතාවයෙන් පෙළෙන ටොම් මුළුමනින්ම බිඳ
වැටෙයි.
ඔවුන්ගේ නූපන් දරුවා දරා සිටින කේට් කිසි දිනෙක නොවූ
විරූ ලෙස බිඳී ගිය හදවතින් යුතුව බියෙන් හා හුදෙකලාවෙන්
පීඩිත වෙයි.
තම පුතු සමඟ වසර ගණනාවක් හුදෙකලා දිවියක් ගෙවන
කේට් නැවතත් ජනප්‍රිය, සාර්ථක ජීවිතයකට කෙමෙන් කෙමෙන්
ළඟා වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.