සදාකාලික ස්වාමි පුරුෂයා

Special Price රු. 1,000.00 Regular Price රු. 1,250.00
In stock
SKU
sadakalika-swami-fyodor-dostoevsky-senarathne-weerasinghe-prabha

පියදෝර් දොස්තොව්ස්කි මෑතක් වන තුරු අපේ අවධානය දිනා ගනු ලැබුවේ මිනිසා මුහුණ දෙන ඛේදනීය සමාජ යථාර්ථය හා මිනිස් චිත්ත සන්තානය විනිවිද දැකීමට හපන් මහා රුසියානු සාහිත්‍යකරුවා ලෙසට ය.

එහෙත් ඔහු සතු සමාජ විඥානය ඊට වඩා ගැඹුරු ය. ඔහු සැබෑ රුසියාව හඳුනාගත් එ සේ ම රුසියාවේ ගමන්මඟ කුමක් දැයි මනාව හඳුනාගත් දැවැන්ත සාහිත්‍යකරුවා වූ බවට විවාදයක් නැත.

ඔහුගේ සාහිත්‍ය තුළ හෝමර්, ශේක්ස්පියර් සහ දාන්තේගේ බලපෑම මෙන් ම ග්‍රීක ප්‍රහසනයන්ගේ බලපෑම ද දක්නා ලැබේ. මේ නවකථාව එයට උදාහරණයකි. ඔහුගෙන් ලියැවුණ එක හාස්‍යෝත්පාදක නවකථාව වන ‘සදාකාලික ස්වාමි පුරුෂයා සරල මාවතක් ඔස්සේ අප අප සංකීර්ණ අත්දැකීම් කරා රැගෙන යාමට සමත් විශිෂ්ට සාහිත්‍ය කෘතියක් වන්නේ ය. ස්නායු දුර්වලතාවන් නිසා කිසියම් පරිපීඩනයකට ලක්වූවකුගේ චර්යාවන් මේ කුඩා නවකථාව ඔස්සේ ගවේෂණය කරන ගමන් සියුම් හාස්‍යක් ද උත්පාදනය කරවමින් දොස්තොව්ස්කි සිය සම්ප්‍රදායික කතා රීතියෙන් බැහැර වන සැටි අපට දැක ගත හැකි ය.

Author Fyodor Dostoevsky (10), සේනාරත්න වීරසිංහ - Senarathne Weerasinghe (50)
Publisher ප්‍රභා ප්‍රකාශන - Prabha Publisher (51)
More Information
ISBN 9786245906055
පිටු ගණන 223
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සදාකාලික ස්වාමි පුරුෂයා
Back to Top