සල්ලාල සාදුලා
සමාජයක පිරිහීම, විවිධ ස්ථරවලින් නිරූපණය කෙරේ. යම් සමාජයක ආගමික සංස්ථාව පිරිහීම, එම සමාජයේ සමස්ත පිරිහීමේ තරම දක්වන ප්‍රබල හිරූපණයක් සේ ගත හැකිය. මෙය, එක ආගමක් නොව, ඕනෑම ආගමක් සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ හැකි යථාර්ථයයි. ආගමක් මේ තත්වයට මුහුණදෙන්නේ, සංස්ථාවක් හෙවත් ආයතනක් බවට එම ආගම පත් වූ විට ය. එවිට, ආගම පරයා සංස්ථාව/ආයතනය ඉස්මත් වන බැවිනි. ආගම රැකගැනීම නොව, සංස්ථාව/ ආයතනය රැකගැනීම එවිට ප්‍රමුඛස්ථානය ගන්නා බැවිනි.
එම සංස්ථාව තුළට කුලය නැමති සාධකයත් ඇතුළු වු විට. ධර්මය තවත් විකෘති වෙයි. විශේෂයෙන්, කුලය ඇතුළු සියලු සමාජ වෙනස්කම් තරයේ ප්‍රතික්ෂේප කළ බුදුන්වහන්සේගේ ධර්මය, කුලය විසින් මෙහෙයවනු ලබන පැවිදි සංස්ථාව තුළ විකෘති වීම පුදුමයට කාරණයක් නොවේ. ඇත්ත වශයෙන්ම මේ වනාහී මහා ධර්ම සංගායනාවක් පැවැත්වීමට කාලයයි.
අරවින්ද රත්මල්ගමගේ මේ කෘතිය, එකී කාරණා ගැන පාඨක අවධානය ඇති කරවීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව කිව හැකිය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.