සෙල්ලම් වයසෙදි සළෙලුන් අතරට

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
Out of stock
SKU
sallam-wayasedi-elanie-kruger-n-p-wijerathne-akarsha

Elanie Kruger

From Playground to Prostitute 

Based on a true story of salvation

සෙල්ලම් වයසෙදි

සළෙලුන් අතරට

පරිවර්තනය : එන්.පී. විජේරත්න

 

එන්ජෙලා නමැති යුවතියගේ ළමා කාලයේ අත්දැකීම් හා මුහුණදුන් සිදුවීම් හා ගණිකා නිවාසයේ ගත කළ කාලයේ මුහුණ දුන් සිදුවීම් මෙහි කතුවරිය වන එලනි කෲගර් විස්තර කරන්නේ දැඩි සංයමයකින් යුතුව ය. අනුකම්පාව ඇතිවෙන ආකාරයකින් මිස, හැඟීම් කුපිත කරවන ආකාරයකින් නොවේ.

මෙම කතාවේ පවතින විශේෂත්වය වන්නේ මෙහි සඳහන් සිදුවීම් ඕනෑම තරුණියකට තමාට පරිස්සම්වීමටත්, වැඩිහිටියන්ට තම දියණියන් ආරක්ෂා කර ගැනීමටත් වැදගත් වෙන බොහෝ සාධක හෙළිකර තිබීම ය.

ඔබේ ආදරණීය දියණිය, සහෝදරිය හා බිරිඳ දුෂ්ට මිනිස් ජාවාරම්කරුවන්ගෙන් හා අපයෝජකයන්ගෙන් බේරාගැනීමට ඉවහල් වන බොහෝ සාධක මෙය විධිමත්ව වටහාගැනීමෙන් සාක්ෂාත් කර ගත හැකිය.

තම සොහොයුරාගේ මිතුරෙකු විසින් රැකියාවක් ලබා දෙන බව පවසා ගණිකා නිවාසයට අලෙවිකරන ලද 15 හැවිරිදි එන්ජෙලාගේ ළමා විය, අපයෝජකයන්ට ගොඳුරුවීම, පවුලේ ආරවුල්, ගණිකා නිවාසයේ ගතකළ ජීවිතය හා එයින් පලායාමේ කතාව මුල් පරිච්ඡේද 17ක් යටතේ පැහැදිලි කර ඇත. ඉතිරි කොටස වෙන් වන්නේ මිනිස් වෙසින් සිටින රකුසන්ගෙන් බේරි යහපත් ජීවිතයක් ගතකරන ආකාරය පිළිබඳව කතුවරියගේ දේශනවලින් උපුටාගත් කොටස් සඳහා ය.

Author Elanie Kruger (1), එන්. පී. විජේරත්න - N. P. Wijerathna (47)
Publisher ආකර්ෂා ප්‍රකාශන - Akarsha Prakashana (51)
More Information
ISBN 9786245946075
පිටු ගණන 272
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සෙල්ලම් වයසෙදි සළෙලුන් අතරට
Back to Top