සම්මුඛ දේව ප්‍රාසාදය අම්මඩුව කුඩා කතරගම දේවාලය
අම්මඩුව කුඩා කතරගම දේවාලය පිළිබඳ සවිස්තර විග්‍රහයක් අන්තර්ගත වන මේ කෘතිය සාර්ථක පර්යේෂණ නිබන්ධනයක ස්වරූපයක් ගනියි.
දේවාලයේ අතීතය, දේවාල පරිශ්‍රය, වත්පිළිවෙත් සහ ඇසළ පෙරහර ආදී සංස්කෘතික අංග මෙන්ම, කතරගම දෙවියන් පිළිබඳ පුරාවෘත්ත ඇතුළත් වන හෙයින්, දේවාලය පිළිබඳ පූර්ණ චිත්‍රයක් නිර්මාණය වෙයි. තේමාවට අදාළ වන විශ්වසනීය තොරතුරුවලින් සමන්විත වන හෙයින් මේ කෘතිය පාඨකයන්ට වඩාත් ප්‍රියමනාප වනු ඇතැයි සිතමි.
මෙහි කතුවර ගුණවර්ධන දේවගිරි මහතා ර/රන්වල විද්‍යාලය, ර/වෙළගපොළ විද්‍යාලය සහ ගොඩකවෙල ර/රාහුල මහා විද්‍යාලය යන පාඨශාලාවල දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ හැටේ දසකයේ සංවිධානයේ ක්‍රියාකාරී නිලධාරියෙකු වශයෙන් සේවය කරන අතර, එම එකතුවේ උප ලේකම් තනතුරුද හොබවයි. මෙය ඔහුගේ ප්‍රථම නිර්මාණයයි.
අනුර වික්‍රමසිංහ
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ හිටපු මහාචාර්ය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.