Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සම්මුඛ දේව ප්‍රාසාදය අම්මඩුව කුඩා කතරගම දේවාලය

සම්මුඛ දේව ප්‍රාසාදය අම්මඩුව කුඩා කතරගම දේවාලය

About this book

අම්මඩුව කුඩා කතරගම දේවාලය පිළිබඳ සවිස්තර විග්‍රහයක් අන්තර්ගත වන මේ කෘතිය සාර්ථක පර්යේෂණ නිබන්ධනයක ස්වරූපයක් ගනියි.

දේවාලයේ අතීතය, දේවාල පරිශ්‍රය, වත්පිළිවෙත් සහ ඇසළ පෙරහර ආදී සංස්කෘතික අංග මෙන්ම, කතරගම දෙවියන් පිළිබඳ පුරාවෘත්ත ඇතුළත් වන හෙයින්, දේවාලය පිළිබඳ පූර්ණ චිත්‍රයක් නිර්මාණය වෙයි. තේමාවට අදාළ වන විශ්වසනීය තොරතුරුවලින් සමන්විත වන හෙයින් මේ කෘතිය පාඨකයන්ට වඩාත් ප්‍රියමනාප වනු ඇතැයි සිතමි.

මෙහි කතුවර ගුණවර්ධන දේවගිරි මහතා ර/රන්වල විද්‍යාලය, ර/වෙළගපොළ විද්‍යාලය සහ ගොඩකවෙල ර/රාහුල මහා විද්‍යාලය යන පාඨශාලාවල දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ හැටේ දසකයේ සංවිධානයේ ක්‍රියාකාරී නිලධාරියෙකු වශයෙන් සේවය කරන අතර, එම එකතුවේ උප ලේකම් තනතුරුද හොබවයි. මෙය ඔහුගේ ප්‍රථම නිර්මාණයයි.

අනුර වික්‍රමසිංහ

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ හිටපු මහාචාර්ය

ISBN
9786246202064
පිටු ගණන (Pages)
265
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සම්මුඛ දේව ප්‍රාසාදය අම්මඩුව කුඩා කතරගම දේවාලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.