Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳ ගමන

සඳ ගමන

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සාහිත්‍යමය ලිවීමේ මානුෂික සාරය මෙහි සටහන් වී ඇත. මෙරට වත්මන් මෝස්තරය වී තිබෙන වසල සල්පිල් නැමියාව, කලා ශාස්ත්‍රෝන්නතිය ,නොඉවසීම, විනෝද කර්මාන්තයේ ධාවක පටියක් බවට සිංහල සාහිත්‍යය පත් කිරීම, ජනකාන්ත මාධ්‍ය අවතාර කර්තෘ වෙස් ගැනීම, මහා කලා ශානර මස්සබාල්දු කිරීම යන අඳුරු බියකරු සමකාලීන අවස්ථාවාදය සපුරා ප්‍රතික්ෂේප වේ.

සමාජ ආර්ථික ඵලප්‍රයෝජනය හා ශුද්ධ ඥාන පිපාසාව අතර අධ්‍යාපනය ධ්‍රැවීකරණය වී ඇත. ඊට එරෙහි සමාජ අරගලය අප යුගයේ නොනිමෙන සංස්කෘතික - දේශපාලන වගකීම ලෙස සලකන්නට පුළුවන.

අද දවසේ සාහිත්‍යකරුවකුගේ ජීවිතයට තමාගේම වූ අන්තර්ගතයක් හා මනුෂ්‍ය දාර්ශනික සාරයක් තිබෙනවා ද? - පිළිතුර ඔව් ඔව් යන්න ය. වාමවාදයේ ගමන් මඟ අවසන් පිළිසරණ ලෙස මෙරට මැද පංතිය තුළ සලකුණු වීමේ අලුත් කාල පරිච්ඡේදයෙහි ආරම්භය මෙහි අවසානයේ සලකුණු වේ.

ISBN
9786240027687
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳ ගමන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.