සඳ කවය
දැනට බ්‍රිතාන්‍යයේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරිනිය වන ෆ්ලොරන්ස් ලඩි නැවත සබ්ඩින් වෙත පැමිණෙන්නේ ඇය විසින් මීට තිස් වසරකට පෙර සිරගත කළ දාම ඝාතකයකු වූ ලැරී ග්ලාස්බෲක්ට අවසන් ගෞරව දැක්වීම සඳහාය. මිය යාමට දින කිහිපයකට පෙර ලැරී ඇයට කියා සිටියේ සන්හි පැරණි බ්ලැක් මොස් මැනොර් ළමා නිවාසය අසලින් හමුවූ ළමා ඇටසැකිලි හතර පොලිසිය පවසන ආකාරයේ පෞරාණික දේහයන් විය නොහැකි බවයි.
ලැරීගේ මරණයත් සමග උපන් නගරයට ආපසු එන කැසී ග්ලාස්බෲක් ඇගේ නවයොවුන් වියේ පෙම්වතාව නැවත දිනා ගැනීම සඳහා සැලසුම් සකස් කරයි.
ලැරී අත්අඩංගුවට පත්වීමත් සමග සබ්ඩින් නගරයේ නපුර පළවා හැරිය බව සිතා සිටියත්, සැබැවින්ම එය නපුරේ ආරම්භය බව දැන සිටි ‘සඳ කවයේ' මායාකාරියන් පිරිස නැවතත් නගරයත්, එහි දරුවනුත් බේරා ගැනීමට ෆ්ලොරන්ස් හා එක්ව ‘ශිල්පීන්ගේ කවයට' එදිරිව සටන් වදීවිද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.