සඳැස් වී
මම මේසෙ උඩට කොළ මිටියම අත් හැරියෙ පිස්සුවෙන් වගේ. සාක්කුවෙ තිබ්බ මොබයිල් එක අරගත්තු මම gmail අකවුන්ට් එක ඕපන් කරලා සමන් අංකල්ට එයාගෙ කම්පැනි ඊමේල් එකට යවපු මගේ පොතේ ෆයිනල් ඩොකියුමන්ට් එක ඕපන් කරගත්තා. ඔව්!
ඒ මම දාපු නම.
කෝණ!
මම මගේ පොතේ පළවෙනි පිටුවේ අන්තර්ගතයත්, දේවක ගෙනාපු කොළ ගොඩේ තිබුන කතාවේ පළවෙනි පිටුවෙ අන්තර්ගතයත් සන්සන්දනය කලා.ඒ පළවෙනි පිටුව පුරාම අකුරක් නෑර තිබුනෙ මගේම අත් වලින් ටයිප් කරපු ඒ වචනමයි! මට විශ්වාස කරන්න බැරි තරමටම ඒ හැම වචනයක්ම එහෙම්ම ඒ පිටු මත ප්‍රින්ට් වෙලා තිබුනා. මම තවත් පිටු දෙක තුනක් ඒ වේගෙන්ම සන්සන්දනය කරලා අවසානෙට ඒ කොළ ගොඩේ තිබුන අවසාන පිටුවත් බැලුවා. ඒකත් ඒ විදියටම මගේ හදවතින් ගලාගෙන ආපු වචන වලින්ම පිරිලා තිබුනා.
මගෙ ආත්මයම කෑ ගහන්න ගත්තා. මේ ලෝකේ මම ආසාවෙන්ම කරන දේ, මගේ හදවතින්ම කරපු දේ, මගේම කියලා මගේම නමින් පළවෙනි වතාවට මේ ලෝකෙට එළි දක්වන්න උන්නු ඒ නිර්මාණය එහෙම් පිටින්ම කවුරු හරි කෙනෙක් මහා කැත විදියට කොපි කරගෙන තිබුනෙ හිත් පිත් නැති ගානට.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.