Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සංගීත විද්‍යා පරිඥානය

සංගීත විද්‍යා පරිඥානය

About this book

ආචාර්ය අනුර රත්නසේකර ශ්‍රී ලංකාවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ, සංගීත පීඨයේ, සංගීතවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකි. කුඩා කල විද්‍යා අධ්‍යාපනයක් ලද ඔහු විසින් රචිත සංගීතවිද්‍යා පරිඥානය නම් මෙම කෘතිය එම වීමංසනාත්මක, විද්‍යාත්මක පර්යේෂණාභිලාෂි කුසලතාව වඩාත් මැනවින් විශද කරයි. මෙම කෘතිය සංගීත අධ්‍යාපනයේ නිරත විද්‍යාර්ථීන්ටත්, පොදු පාඨකයන්ටත් අතිශය ප්‍රයෝජනවත් වනු නිරනුමාන ය.

ඔහු සංගීතය පිළිබඳ මූලික අධ්‍යාපනය තම පියාගෙනුත් දෙවනුව කැලණිය විශ්වවිද්‍යාලයීය සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙනුත් ලබා ඇත. ඉන්පසුව භාරතයේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ සංගීත

පීඨයෙන් පශ්චාද් උපාධියත්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් දර්ශනසූරී උපාධියත් දිනාගත්තේ ය. නව දැනුමින් සපිරි පොත්පත් පරිශීලනය කරමින් නිරතුරුව අධ්‍යයනයෙහි නිරතව ශිෂ්‍යයින්ට දැනුම, අවබෝධය, පරිචය ලබාදීමට වෙහෙසෙන මොහු, සුපතළ සංගීතඥයකු සහ ආචාර්යවරයෙකු වන මහාචර්ය දයා රත්නසේකරයන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා ය. ආචාර්ය අනුර රත්නසේකරගේ අභිනව ප්‍රයත්නය කෙරෙහි ගෞරවනීය සුභාශිර්වාදය පළකරනු රිසියෙමි.

ISBN
9786245785148
පිටු ගණන (Pages)
252
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සංගීත විද්‍යා පරිඥානය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.