Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සංග්‍රාම - SEEDS OF AMERICA 02

සංග්‍රාම - SEEDS OF AMERICA 02

About this book

"වෙඩි තියන්න!” බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙක්

කෑගැසී ය. අප කවුරුත් බිම දිගා වී, අපේ හිස්

ආවරණය කර ගත් අතර, බ්‍රිතාන්‍ය සෙබළුන්ගේ

වෙඩි මුරය අපට ඉහළින් ඇදී ගියේ ය. බිය නිසා,

මගේ මුත්‍ර පහ වේ යයි මට සිතුණි.

 

සුදානම් වන ලෙස අපේ හමුදා නිලධාරියා අපට

කෑගැසී ය. මා අවට සිටි සියලු ම සෙබළු, තමන්ගේ

තුවක්කු සුදානම් කර ගත්හ. බිම දිගා වී, තුවක්කු

බටයක් තුළට වෙඩිබෙහෙත් සහ උණ්ඩ පිරවීම අපහසු

වුවත්, මම ද මගේ තුවක්කුව සුදානම් කර ගත්තෙමි.

 

බ්‍රිතාන්‍ය සෙබළු, අප වෙත වෙඩි වර්ෂාවක් එල්ල කළහ.

එක වර උණ්ඩ රැසක් විසිරෙන වෙඩි ද ඊට ඇතුළත්

විය. කාලතුවක්කු වෙඩි, අහස තුළින් ඇදී ගියේ

ධූමකේතු මෙනි.

 

"වෙඩි තියන්න!” අපේ හමුදා නිලධාරියා කෑගැසී ය.

ඒ අනුව වෙඩි තැබූ වහාම. තුවක්කු නැවත සුදානම් කර

ගැනීම සඳහා යළිත් බිම දිගා වීමු.

 

බ්‍රිතාන්‍ය සෙබළු අපට වඩා ඉක්මනින් වෙඩි තැබූහ.

ඔවුන් පේළි දෙකක් වශයෙන් සකස් වී, ඉදිරි පේළිය

වෙඩි තබන අතර, පසුපස පේළිය තුවක්කු සූදානම්

කළහ. පසුපස පේළිය වෙඩි තබන විට, ඉදිරි පේළිය

දණ ගසා ගෙන තුවක්කු සුදානම් කළහ. තුවක්කුවල

වෙඩි හඬ ද, තුවක්කු බටවලින් නිකුත් වූ දීප්තිමත්

ආලෝකය ද සමග වෙඩි උණ්ඩ පොළොවෙහිත්,

අප අවට වැටෙහිත් වදින ශබ්දය ද පැතිරිණි.

ISBN
9786245462025
පිටු ගණන (Pages)
376
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සංග්‍රාම - SEEDS OF AMERICA 02

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.