Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සංහතික මාධ්‍ය විමංසා

සංහතික මාධ්‍ය විමංසා

ප්‍රකාශක (Publisher): සන්ථව ප්‍රකාශන Santhawa Prakashana
About this book

ඔබ අතට පත් වන මෙම කෘතිය සුවිශේෂී කෘතියක් ලෙස හැඳින් විය හැක්කේ එය හුදු මාධ්‍ය ඉතිහාසය හෝ න්‍යාය පිළිබඳ කෘතියක් නොවන බැවිනි. මෙය රචනා වී ඇත්තේ සංහතික මාධ්‍ය පිළිබඳ සාකල්‍යමය සහ විෂයාන්තරික ප්‍රවේශයක් පාදක කර ගෙන ය.

එය එක් අතකින් සංහතික මාධ්‍ය ප්‍රපංචය, ඓතිහාසික ක්‍රියාවලිය තුළ පර්ණාමය වූ ආකාරය ද අනෙක් අතින් එම විෂයේ ස්වාභාවය සහ එහි ක්‍රියාකාරීත්වය බහු විෂයික, අන්තර් විෂයික සහ පාරවිෂයික පර්යාලෝකනයන් තුළ ගෙන හැර දක්වා තිබේ. වසර හාරසීයක කාලය පුරා පරිණාමය වූ සංහතික මාධ්‍ය ප්‍රපංචයේ සියලු පැතිකඩ සංගෘහිතව ද, සරලව ද, සංක්ෂිප්තව ද ඉදිරිපත් කර ඇත. මෙය සංහතික මාධ්‍යයේ සමාජ ඉතිහාසය සහ න්‍යාය පිළිබඳ අත් පොතක් බඳු ය. මෙය විද්‍යාත්මක සහ ක්‍රමවේදී පදනම් මත ලියන ලද පර්යේෂණාත්මක කෘතියකි.

මෙහි කතුවරිය වන මදාරා ජයවර්ධන සිය මුලික අධ්‍යාපනය මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයෙන් ලබා එහි ම අවුරුදු දෙකක ස්වේච්ඡා ගුරු පුහුණුව ලබා ගත් තැනැත්තිය කි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාවද, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ රූපවාහිනී වැඩ සටහන් ඉදිර්පත් කිරීම සහ ප්‍රවෘත්ති නිවේදන පාඨමාලාව ද හදාරා ඇත. ඇය Voice of Sri Lanka මාධ්‍ය ඇකඩමියේ විශිෂ්ඨ සාමාර්ථයක් ද ලබා ගෙන ඇත. දැනට ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ  ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය විශේෂවේදී ශාස්ත්‍රීය උපාධිය හදාරමින් සිටි යි.

සංහතික මාධ්‍ය වීමංසා කතුවරියගේ ප්‍රථම කෘතිය වන අතර එය රචනයේ දී ඇය ලේඛනයෙහි සහ සංකල්පයෙහි පරිණත බව ප්‍රකට කර ඇති බව සඳහන් කළ යුතු ය. කෘතිය සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය කරන විද්‍යාර්ථීන් හට ද, සිසුන් හටද, වෘත්තීය මාධ්‍යවේදීන් ඇතුළු විෂය පිළිබඳ පොදු උනන්දුවක් දක්වන පාඨකයන් හට ද ප්‍රයෝජනවත් වන බව අපගේ දැක්ම යි.

ආචාර්ය ටියුඩර් වීරසිංහ

ශ්‍රීපාලි මණ්ඩපය

කොළඹ විශ්වවිද්‍යාලය

 

ISBN
9786245594009
පිටු ගණන (Pages)
170
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සංහතික මාධ්‍ය විමංසා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.