සාපලත් මව්කුස
සමාජයේ ඉන්න අසත්පුරුෂ මිනිස්සු, ඒ අයගේ ඔළුවලට විකාර ඇතුළු කරලනෙ තියෙන්නෙත්. ඒක නිසා මස්කපිටට පොරකන බලු රංචුව වගේ, උදේ ඉදලා රෑ වෙනකල් රුපියල් සතවලට පොරකනවා. දරුවන්ව විභාගවලට දක්කනවා. නැත්තං මේ පාරවල් අයිනෙ ඉන්නවා අන්ධ මිනිස්සු ඕන තරම්, පාර මාරුවෙත්ත විදිහක් නැතුව. වෙලාව පරක්කු වුණොත්, පංතියේ පිටිස්සෙ ඉඳගන්න වෙන නිසා, ඒ අමිමා දරුවවත් ඇදගෙන පංතියට දුවනවා, දරුවා ඒ අන්ධ මනුස්සයා දිහා හැරි හැරී බලද්දිත්. සාරධර්මවලින් පිරිච්ච පාරට පිටුපාලා, අසත්පුරුෂයෝ හදලා දීපූ ලෝකෙට මුදුනාවෙන්න පුළුවන් පාර දිගේ ඒ අහිංසක දරුවව දුවවනවා. අන්තිමට කිසි ම ආගමකට දහමකට නැති, කයින් මනුස්සයෙක් වෙච්ච, ඒත් හිතින් තිරිසනෙක් වෙච්ච, මනුස්සයෙක් ලෝකෙට බිහිවෙනවා. ගාලෙ ඉන්න මී හරකට සිංහයෙක් දකිනකල් ම වෙනසක් තේරෙන්නෙ නෑ වගේ, ඒ දරුවත් ඒ දෙමපියෝ වගේ ම නිසා, ඒ දෙමාපියන්ටත් දරුවන්ටත් ඒකෙ වෙනසක් තේරෙන්නෙ නෑ. ඒ වුණාට පුතේ... එහෙම දරුවෙක් සත්පුරුෂ සමාජයට වැටුණහම කොන් වෙනවා. අන්න එදාට ඒ දරුවන්ට තමන්ගේ දෙමාපියෝ ගැන තරහක් පවා ඇතිවෙනවා. ඒත් ඉතින් එහෙම තරහක් ආවත්, ඒකෙන් ගොඩ යන්නත් ඉගෙනගෙන නැති නිසා, තව තවත් පව් කරගෙන මහා අපායට ඇදිල යනවා. අන්න එතකොට බැලූවහම, ඒ මවිකුසන් සුගති සත්ත්වයෙක්ව සතර අපායට යවපු, සාපලත් මවිකුසක් වෙනවා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.