ඈ සහ ඇලන්
සර් හෙන්රි රයිඩර් හැගාඩ් ලියූ පළමු ජනප්‍රිය කෘතිය වූ ‘KING SOLOMON’S MINES’ ‘සොලමන් රජුගේ දියමන්ති ආකර’ නමින් සිංහලයට පරිවර්තනය කළ චන්ද්‍ර අනගිරත්න සිය විසි පස් වැනි පරිවර්තන කෘතිය වශයෙන් ‘ඈ සහ ඇලන්’ නමින් මේ එළිදක්වන්නේ එම ශ්‍රේෂ්ඨ ලේඛකයාගේ ඉතාමත් අද්භූත, ගුප්ත සහ ත්‍රාසජනක කෘතිය වන SHE AND ALLAN ය.
‘සොලමන් රජුගේ දියමන්ති ආකර’ නම් පොතේ කතානායකයා වූ ඇලන් ක්වාටමේන් රයිඩර් හැගාර්ඩ්ගේ ම නිර්මාණයක් වූ ලෝක ප්‍රසිද්ධ ‘ඈ හෙවත් අයේෂා’ (SHE) හමු වීමට යන ගමන විස්තර කරන මෙම දුර්ලභ ග්‍රන්ථය විචිත්ත්‍රාද්භූත සිද්ධීන්ගෙන් පරිපූර්ණ ය. වීර, අද්භූත, භයානක රසයන්ගෙන් මෙන්ම ශෘංගාර රසයෙන් ද පිරි මෙම කතාව, මධ්‍යම අප්‍රිකානු ගෝත්‍රිකයන්ගේ ගුප්ත විශ්වාසයන්, මිත්‍යා ඇදහිලි, ඉන්ද්‍රජාලික ක්‍රියා, යන්ත්‍ර-මන්ත්‍ර-ගුරුකම්, මායා දර්ශනයන් පමණක් නොව, ලොමු ඩැහැගන්වනසුලු ගෝත්‍රික සටන්, රුදුරු ලේ වැගිරීම්, දරුණු සැහැසිකම් හා වීරෝදාර ක්‍රියාවන් ද විචිත්‍ර අන්දමින් ගෙන හැර දක්වයි.
මිනිස් වර්ගයාගේ මානසික පරිනාමයේ විවිධ ගූඨවාදී මනස්කාරයන් ද, පුරාණෝක්ති සිද්ධාන්තයන් ද, මිත්‍යා හා ඉන්ද්‍රජාලික ක්‍රියා ද පුනරුප්පත්තිය හා මළවුන්ගේ බලපෑම් පිළිබඳ විශ්වාසයන් ද මරණින් පසු ජීවිතය පිළිබඳ ගුප්තමය ඇදහිලි ද භූත හා අවතාරවල බලපෑම් ද පමණක් නොව, මනෝවිද්‍යාත්මක අගයෙන් යුත් ‘ඈ සහ ඇලන්’ අද්භූත කතා අතර අද්විතීය තැනක් ගනී.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.