මී දුමේ මිනිස්සු
මී දුමේ මිනිස්සු නමැති මෙම නවකතාව, එච්. රයිඩර් හැගාර්ඩ් විසින් 1894 වසරේ දී ලියන ලද The People of the Mist නමැති ඉංග්‍රීසි ප්‍රබන්ධයේ අසංක්‍ෂිප්ත සිංහල පරිවර්තනය යි.
පියා ගේ නොමනා පැවැත්ම නිසා තමන්ට අහිමි වූ පරම්පරාවෙන් පැවත ආ නිවහන යළි උරුම කර ගැනීමේ අරමුණින්, රන් සෙවීම සඳහා අප්‍රිකාවට යන වංශාධිපති තරුණයින් දෙදෙනෙකු පිළිබඳ කතාවයි, මී දුමේ මිනිස්සු.
සොහොයුරෙකු ගේ මරණය නිසා ඔවුන් ගේ බලාපොරොත්තු කඩ වෙයි. අනතුරුව, ඉතිරි සොහොයුරා වන ලෙනාඩ් අවුට්රුම්, ජුආනා, සෝආ සහ වාමනරූපී ඔටර්, මී දුමේ මිනිසුන් ගේ රතු කැටවලින් පිරුණු මහා ධන නිධානයක් සොයා ඔවුන් ගේ රටට යති. ඔටර්, මී දුමේ මිනිසුන් ගේ දෙව්යා වන වාමනරූපී ජාල් බවටත්, ජුආනා ජාල් දෙවියා ගේ මව වන ඇකා බවටත් පත් වීමෙන් පසු ජීවිත අවිනිශ්චිත තත්ත්වයකට පත් කරන ත්‍රාසජනක අත්දැකීම්වලට ඔවුහු මුහුණ දෙති. ජාල් දෙවියා ගේ ස්වරූපයෙන් පෙනී සිටින ඔටර්, එම දෙවියා ගේ වර්තමාන භවය හොබවන දැවැන්ත කිඹුලෙකු හා සටන් කරයි.
රයිඩර් හැගාර්ඩ් තම සුපුරුදු ශෛලියෙන් ලියා ඇති මෙම නවකතාව පාඨකයනින් ගේ මනදොළ සපුරනු නො අනුමානය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.