About this book
1940 දශකයේ මුල් භාගයේ පමණ වන්නියේ ඈත පිටිසර ගමක සිදු වූ සිද්ධි මාලාවක් ප්‍රතිනිර්මාණය කරමින් සකසා ඇති මෙය ආශාවෙන් කියවිය හැකි නවකතාවකි. සිදුවීම් සියල්ල පෙළ ගස්වා ඇත්තේ එම අවධියේ ආර්ථික, සාමාජීය හා සංස්කෘතික පසුබිමද පිළිබිඹු වන අයුරිනි. කතුවරයාම පවසන පරිදි මෙහි එන අත්දැකීම් බොහොමයක් නිර්ව්‍යාජ ය. එය යථාර්ථවාදී නවකතාවක අත්‍යාවශ්‍ය ලක්ෂණයකි. ආර්ථික අහේනියත් සමඟ ඇතිවන විවිධ ඛේදවාචකයන්ද කතුවරයාගේ අවධානයට ලක් වේ.
මෙහි කතුවර ජගත් කුමාර සේනානායක මහතා එම වන්නි ප්‍රදේශවල බොහොම ටික කාලයක් ජීවත් වීමෙන් ලද නිර්ව්‍යාජ අත්දැකීම් ඇත්තෙකි. ඔහු යථාර්ථවාදී නවකතාවේ ස්වරූපයද මැනවින් හඳුනාගත් ආධුනික ලේඛකයෙකි. මේ ඔහුගේ ප්‍රථම නවකතාවයි.
- මහාචාර්ය අනුර වික්‍රමසිංහ
Details
ISBN
9789556562866
පිටු ගණන (Pages)
252
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review