සරල දිවිය
මේ සරල දිවියෙහි අඩංගු දේ මා ලියන්නේ සම්පූර්ණයෙන් මගේ අත්දැකීම් තුළිනි. ඇතැම් විට කොහේ හෝ දැක අසා ඇති කරුණක් සඳහන් කරන්නේ එයින් ඔබට, ඔබේ ජීවිතයට ප්‍රයෝජනයක් වෙතැයි සිතමිනි.
මගේ "චක්‍ර සහ විශ්ව ශක්තිය" කෘතිය කියැවූ එක් අයෙක් එය මගේ පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් ලියූ නිසා එය ආත්ම කථනයක් හෝ ආත්ම වර්ණනාවක් ලෙසින් සඳහන් කළේලු. නමුත් එහිදී ද මා කළේ මගේම අත්දැකීම් තුළින් ඔබට යමක් වටහා දීමයි. මා ලිවිය යුත්තේ මගේ අත්දැකීම් තුළින් නොවේ නම් වෙන කාගේ අත්දැකීම් තුළින්ද?
එහෙයින් මෙය ආත්ම වර්ණනයක් නම් නොවේ. මා ජීවත් වෙන, සිතන ආකාරය යි.
මා ජිවත් වෙන සරල ආකාරය ගැන ලියන්නැයි කීප දෙනා කළ ඉල්ලීම නිසාය මා මේ කෘතිය ලියන්නේ.
මෙහි එක වැකියකින් හෝ, කියවන ඔබගේ ජීවිතයේ යහ අතට වෙනසක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.