Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / සාරාර්ථී

සාරාර්ථී

කතෘ (Author): මහේන් සූරි
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

කළමනාකරණය පිළිබඳ ට විසි වසරකට ආසන්න සේවා අත්දැකීම් ඇති අස්ගිරියේ මහේන් සූරි, සිංහල සඳස් කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳ හැඟීමක් මෙන් ම දැනීමක් ඇති සත් කවියෙකි. තත් කාව්‍ය සම්ප්‍රදාය හා බැඳුණු විවිධ කාව්‍ය ආකෘති භාවිත කරමින් ම ඔහු නැවුම් සංකල්ප ඉදිරිපත් කරයි. කොළඹ යුගයේ ප්‍රචලිත කවීන්ගෙන් ලද ආභාසය ද ඔහුගේ නිර්මාණ වෙතින් දිස් වෙයි. මහේන්ගේ ඇතැම් කවියක් විමලරත්න කුමාරගම, එච්. ඇම්. කුඩලිගම, විමලේන්ද්‍ර චතුරේගම, පී. බී. අල්විස් පෙරේරා, හික්කඩුවේ බී.එච්. අමරසේන බඳු අංකුර කවීන්ගේ කවි වෙතින් හමා එන සුවඳ විහිදුවන්නේ වෙයි.

සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, සහ සංස්කෘත යන භාෂා පිළිබඳ සැලකිය යුතු දැනුමක් ඇති මහේන්ට තවදුරටත් සිය භාෂාඥානය පෝෂණය කොට ගනිමින් සාහිත්‍ය ලෝකයේ බොහෝ දුරක් යාමෙහිලා වන වාසනා ගුණය තිබේ.

ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ විධායක නිලධාරි තනතුරක් දරන මහේන්, අලෙවි කළමනාකරුවකු සහ සාමාන්‍යාධිකාර තනතුරෙහි ද දීර්ඝ කාලයක් කටයුතු කෙළේය. බැංගලෝර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය හදාළ ඔහු සිය කණ්ඩායමේ වැඩිම ලකුණු ලබාගැනීමට සමත් වූ විද්‍යාර්ථියා ද විය. ඔහු දිල්ලි විශ්වවිද්‍යාලයෙන් MBA පශ්චාත් උපාධියක්ද දිනා ගත්තේය. කාර්මික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳවත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ද සංගීත විෂයෙන් විශාරද උපාධිය ලද සුදුසුකම් ඇත්තෙකි. කාව්‍යාභිමානී. කාව්‍ය ශක්ති, කාව්‍ය සූරි, කාව්‍ය ශ්‍රී, කාව්‍ය බන්ධු, කාව්‍ය සංඛ, ආදී කවිය හා බැඳුණු සම්මාන කිහිපයකින් ම පිදුම් ලද මහේන් ක්‍රීඩාව, සංගීතය මෙන් ම චිත්‍රකරණයෙහි ද බුහුටිකම් ඇත්තෙකි.

මහේන් සුරි වෙතින් නුදුරු අනාගතයේ දී තව තවත් මෙවන් සත් කෘති බිහි වේවා යි ඉතා ආදරයෙන් ප්‍රාර්ථනා කරමි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ,

භාෂා සංස්කෘතික අධ්‍යයන හා ප්‍රාසංගික කලා අධ්‍යයනාංශය,

මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

Details
ISBN
9786245679096
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සාරාර්ථී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.