Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සර්වජන වශිය

සර්වජන වශිය

About this book

ඒ මනුස්සයගෙ දුව මැරුණෙ සල්ලි හින්දා නෙමෙයි. පුතා කුඩු ගැහුවෙ, පස්සෙ පරිවාසයට ගියෙත්, ඒ මනුස්සයගෙ විවාහ ජීවිතය අසාර්ථක වුණෙත්, නෝනා දාලා ගියෙත්, හොර ගෑනියෙක් තියාගත්තෙත්, අන්තිමට ඔක්කොම දේපළ නැති වෙලා පිස්සුව හැදුණෙත් සල්ලි හින්දා නෙමෙයිනෙ දෝණි... ජීවත් වෙන්න දැනගෙන හිටියෙ නැති හින්දා. අද මේ ලෝකෙ ඉන්න ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත අඳුරු වෙලා තියෙන්නෙ, මනුස්ස මනස ක්‍රියාත්මක වෙන විදිහ දන්නෙ නැති හින්දා...

මිනිස්සුන්ට පෙළීම තියෙද්දි ඒකෙන් නිදහස් වෙන්න කරන්න පුළුවන් ලේසි ම දේ කරනවා. ගොඩක් මිනිස්සුන්ට මේ ලෝකෙ කරන්න ලේසි ම දේ පවනෙ. ‘සල්ලි තියෙන මිනිස්සු ලෝහයෝ' කිය කියා, මහා කම්මැලි මිනිස්සු කකුල් දෙකත් උඩ දාගෙන මැව් බල බලා ඉන්නකොට, ඒ අයට කන්න බොන්නත් නැතිවෙන එක අහන්නත් දෙයක් යෑ? ඒකයි මම කියන්නෙ, සල්ලි නෙමෙයි ප්‍රශ්න, සාරධර්ම උගන්නන්නෙ නැති එකයි ප්‍රශ්න කියලා. මොකද අපිට සල්ලි තිබුණා කියලා, කිසි ම කෙනෙකුට අපේ අතින් හානියක් වෙලා තියෙනවා යෑ, යහපතක් මිසක්.

Details
ISBN
9786246246051
පිටු ගණන (Pages)
376
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සර්වජන වශිය

Reviews are published once a member of our team has read them.