සත් මහ සයුර

Special Price රු. 855.00 Regular Price රු. 950.00
Out of stock
SKU
sath-maha-sayura-tharanga-dissanayaka-thara-prakashana

අත සෝදා ගත් මංජුලයියා පුතා ලඟ වැතර ඔහුගෙ හිස අතගාමින් උන්නේය. "ඇහැරවන්ඩකො පුළුවන්නම් ලමයා...” මම කුස්සිය අස්පස් කර චිමිනි ලාම්පුවේ දැල්ල හොඳටෝම අඩුකර ඇඳේ කොණක වාඩි වුණෙමි.

"ත.....ම....රා.......”

ඔහුගේ හඬ චිමිනි ලාම්පුවේ මඳ අඳුරට සමගාමීව හීන් වී තිබුණි. මඳකින් ඒ රළු මුහුණේ පහස මගේ මුහුණේ සියුම් රේඛා අතරේ නලියන්නට විය. මිහිරි පීඩාවක් මැද්දේ වුවද මට ඕනෑ වූයේ ඉන් මිදෙන්නටය. "මේ එකෙක් හදාගන්ඩ බැරිව ඉන්නවා ...තව පුළුවන්නම්....” මගේ වදන් ඔහු ගණනකට ගත් බවක් නොවීය. ලෑලිවල හිඩැස අතරින් ආ මඳ සුලඟට ලාම්පුව නිවී ගියේය.

 

මුහුදේ ඝෝෂාවත් ඔහු හයියෙන් හුස්ම ගන්නා හඬත් දෙකම එක වගේ යැයි මට සිතූණි.

Author තරංගා දිසානායක - Tharanga Dissanayake (51)
Publisher තාරා ප්‍රකාශන - Thara Prakashana (132)
More Information
ISBN 9789551116002
පිටු ගණන 280
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සත් මහ සයුර
Back to Top