Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ශක්‍රය වැරැදිකරු තොප ය

ශක්‍රය වැරැදිකරු තොප ය

About this book

ගැඹුරු සයුරේ අඳුරු දියඹේ

තනිව සැඟවී උන්නූ බෙල්ලෙකු 

කුසේ මුතු කැටය වූයෙමි...

අඳුරු දිවියට තිත තබන්නට

මහා අරුතක් ලබා දෙන්නට...

එහෙත් ඒ මුතු කැටයෙ අරුමෙන්

බෙල්ලො නුඹගේ දිවිය සුන් වුණි..

 

හමන සුළඟට වැනි වැනී වුන්

කිසිදු හරයක් නොමැති ගසකට

සවිය දෙන්නට ඵල දරන්නට

ගසේ අරටුව වුණෙමි සතුටින්...

එහෙත් ඒ අරටුවේ මහිමෙන්

පොරෝ පහරට ගසම බිලි වුණි..

 

වනේ සරණා ඇත් රජකු හට

බලය තේජස දෙවනු අටියෙන්

මහා ඇත් දළ යුගල වූයෙමි

ඉතා රිසියෙන් සිතේ සතුටින්..

එහෙත් ඒ දළ යුවළෙ උරුමෙන්

වෙඩි පහර කා නැසුණි ඇත් රජු...

Details
ISBN
9786245679256
පිටු ගණන (Pages)
63
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ශක්‍රය වැරැදිකරු තොප ය

Reviews are published once a member of our team has read them.