ෂර්ලොක් හෝම්ස් - ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකයාගේ පසුබිම් කතාව
ඔබ ෂර්ලොක් හෝම්ස් කතා රසිකයෙක් නම් එම කතා නිර්මාණයේදී ඩොයිල් මුහුණ දුන් විවිධ අත්දැකීම් දැනගෙන සිටීමෙන් ඔබට ඒවා වඩාත් හොඳින් තේරුම් ගැනීමට හා රස විඳීමට හැකිවෙනවා ඇත. ඒ සඳහා අවශ්‍ය සියලුම මගපෙන්වීම් හා තවත් බොහෝ දේවල් මෙම විනෝදාත්මක, සිත් කාවදින, තොරතුරු පිරුන මෙම විශේෂ කෘතියෙන් සොයා ගත හැකිය.
මෙය LlFE සඟරාව මගින් ප්‍රකාශයට පත්කළ Sherlock Holmes: The Story Behind The World's Greatest Detective නමින් ජේ. අයි. බේකර් විසින් සංස්කරණය කරන කරන ලද කෘතිය පාදක කර ගත් පරිවර්තනයකි. සර් ආතර් කොනන් ඩොයිල් නමැති ශ්‍රේෂ්ඨ බ්‍රිතාන්‍ය ලේඛකයාගේ චරිතාපදානය මෙන්ම ඔහුගේ විශිෂ්ටතම රහස් පරීක්ෂකයා වූ ෂර්ලොක් හෝම්ස්ගේ ජීවිතය සහ වෘත්තිය පිළිබඳව වර්ණවත් බැල්මක් මෙමගින් ඉදිරිපත් කෙරෙයි.
ෂර්ලොක් හෝම්ස් හා සම්බන්ධ පළමු කෘතියේ සිට ඔහු විසඳූ රහස් පරීක්ෂක කතා රාශියක් පිළිබඳ තොරතුරු මෙන්ම මුල් කෘතිවල පිටකවර ඡායාරූප ද මෙම පොතට ඇතුළත්ය. එමෙන්ම සර් ආතර් කොනන් ඩොයිල්ගේ පුද්ගලික ජීවිතය හා හෝම්ස් චරිතය හා සම්බන්ධ ඓතිහාසික ඡායාරූප රාශියක් ද මෙයට එක් කර ඇත.
මල්බා ටහාන් ගේ ගණිතඥයා
චින්තක විදානපතිරණ
රු. 850.00
ජේන් අයර්
ප්‍රමිතා රෝහිණී වනිගරත්න
රු. 1,280.00
දෙවොලේ සැඟවුණු අබිරහස
එන්. පී. විජේරත්න
රු. 1,960.00
අලි පැංචා මාලින්
එන්. පී. විජේරත්න
රු. 440.00
කැම්බයිසෙස් සේනාංකය
එන්. පී. විජේරත්න
රු. 1,440.00
ඉන්ටර්නෙට් සම්පූර්ණ අත්පොත
එන්. පී. විජේරත්න
රු. 360.00
-
ලොව ජනප්‍රියම රහස් පරීක්ෂක චරිතය වන ෂර්ලොක් හෝම්ස් චරිතයේ පසුබිම් කතාව කියවෙන මෙම රසවත් නිර්මාණය හෝම්ස් රසිකයන් හට අපූරු කියවීමකිLife සගරාව විසින් ප්‍රකාශයට පත් කළ Sherlock Holmes: The Story Behind the Greatest Detective නමින් J.I. Baker විසින් සංස්කරණය කරන ලද කෘතිය පාදක කර ගනිමින් පරිවර්තනය කර ඇති අපූරු කෙටි ග්‍රන්ථයකි.
ෂර්ලොක් හෝම්ස් චරිතයේ නිර්මාණය , හෝම්ස් චරිතයේ නිර්මාතෘ සර් ආතර් කොනන් ඩොයිල් ගේ ජීවිතය සම්බන්ධ රසවත් සිදුවීම්, හෝම්ස් චරිතයට එකල පාඨයන්ගෙන් ලැබුනු උණුසුම් ප්‍රතිචාර, වර්තමානය දක්වා හෝම්ස් චරිතය විකාශනය වී ඇති ආකාරය වැනි රසවත් තොරතුරු වලින් සමන්විත පිටු 119 ක අපූරු කෘතියකි මෙය.
එසේම ඩොයිල් ගේ විවිධ අවස්ථාවල චායාරූප, හෝම්ස් මුල් කෘති වල චායාරූප, හෝම්ස් චරිතය හා සම්බන්ධ ඓතිහාසික චායාරූප රැසකින්ද මෙය සම්න්විත ය.
1887 දී Study in Scarlet තුළින් ඉපදී දීර්ඝ කතා 4ක් හා කෙටි කතා 56ක් තුළ ජීවත් වූ හෝම්ස් චරිතයට ආදරය කරන පාඨකයන් හට අපූරු කියවීමකි.
විවිධ විශයයන් වලින් පොත් ගණනාවක් පරිවර්තනය කර ඇති එන්.පී විජේරත්න මහතා විසින් සරලව හා රසවත්ව පරිවර්තනය කර ඇත.