Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ෂර්ලි

About this book

   "ජේන් අයර්’’ ලැබූ අතිමහත් ජයග්‍රහණයෙන් පසුව සදාචාරාත්මක විප්ලවවාදිනියක වශයෙන් ජීවිත කාලය පුරාවටම ප්‍රසිද්ධියට පත්වූ චාලට් බ්‍රොන්ටේ සැබෑ මෙන්ම රොමැන්ටික නොවන සාධක වෙත අවධානය යොමු කරන පුළුල් සමාජ වංශ කතාවක් ලිවීමට පොරොන්දු වූවාය. එහි ප්‍රතිඵලය වූයේ ‘’ෂර්ලි” (1849) ය. එය කාර්මිකකරණය වූ එංගලන්තයේ නැපෝලියන් යුද්ධ හා 1811-12 අතර පැවති ලුසයිඩ් කැරලි පසුබිම්වූ එකිනෙකට වෙනස් වීරවරියන් දෙදෙනකුගේ කතාවකි.

   යෝක්ෂයරයේ පූජක නිවෙසක පීඩාකාරී වාතාවරණයක් යටතේ සිරවී සිටින ලැජ්ජාශීලී කැරොලයින් හෙල්ස්ටෝන් එයින් එක චරිතයක් වන අතර ඇයගේ හිස් ජීවිතය දහනවවන සියවසේ අවිවාහක තරුණියන් මුහුණ පාන දුක්ඛිත තත්ත්වයන් පිළිබිඹු කරන්නකි. අනික් තැනැත්තිය ප්‍රාදේශීය වතු යායකට හිමිකම් කියන සහ ඇය සතු ධනය හිසා නිදහස් ජීවිතයක් ගත කරන ෂර්ලි කිල්ඩර් ය.

  සමාජ විවරණ අතින් මෙන්ම ජේන් අයර්ට වඩා පුද්ගලික අභිප්‍රායන් ඒකාබද්ධ කරන ෂර්ලි චාලට් බ්‍රොන්ටේගේ සාහිත්‍ය කුසලතාවයේ සම්පූර්ණ පරාසය පෙන්නුම් කරන්නකි. "ෂර්ලි යනු විප්ලවීය නවකතාවකි." යි බ්‍රොන්ටේගේ චරිතාපදානයක් ලියූ ලින්ඩෝල් ගෝර්ඩන් පවසා ඇත. ෂර්ලි නව ආදර්ශයක් ලෙස ජේන් අයර් අනුගමනය කරන්නකි. නමුත් 1811-12 අවධියේ ඇය තුළ පැවති සැබෑ පැවැත්ම විශ්වාස කිරීමද අපහසු වෙන තරමට ඇය ඇය විසිවැනි සියවසේ පසුකාලීන ස්ත්‍රිවාදීන්ගේ පෙරගමන්කාරියකි.

  බ්‍රොන්ටේගේ වඩාත්ම ස්ත්‍රීවාදී නවකතාව "ෂර්ලි” ය. ඔබ සම්භාව්‍ය කෘති, ප්‍රේම වෘතාන්ත, ඓතිහාසික නවකතා, වික්ටෝරියානු යුගය, 19වැනි සියවස සහ බ්‍රිතාන්‍ය සාහිත්‍යය වැහි ෂානරවලට ප්‍රිය කරන්නේ නම් මෙය ඔබ වෙනුවෙනි.

Details
ISBN
9786245519880
පිටු ගණන (Pages)
574
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ෂර්ලි

Reviews are published once a member of our team has read them.