Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / උරුමයක රැඳි ශාපය

උරුමයක රැඳි ශාපය

About this book

THE LANDOWER LEGACY

ඇය සතුව සියල්ල තිබිණි. රූමත්කම. නම්බු නාමයක්. උරුමයක්.

එමෙන්ම, ඒ සියල්ල විනාශ කළ හැකි රහසක්.

හරිත වර්ණ නෙතු සඟළක හිමිකාරිය කැරලයින් ට්‍රෙසිඩර් සුන්දර දිවියක්, අපූරු අනාගතයක් හිමි අයෙකි. එහෙත්, එසේ වන්නේ බොහෝ වැදගත් උත්සවයක් වෙන වික්ටෝරියා රැජනගේ රන් ජුබිලිය දින වෙනතුරු පමණි. කැරලයින් ඇගේ මව සහ මවගේ කඩවසම් මිතුරා ආකර්ෂණීය කැප්ටන් කාමයිකල් සමග අති විශිෂ්ට රාජකීය පෙළපාලිය මහත් උද්‍යෝගයෙන් නරඹයි. පසු දිනෙක ඕ තම පියා හමුවේ නොසැලකිලිමත් ලෙස, නොසිතා එක් වරටම හෙළි කරන රහසක කොටස්කාරියක් බවට පත්වන්නීය.

එතැන් පටන් කිසිවක් පෙර පරිදි නොවේ. කැරලයින්, එසේ වන්නේ මන්දැයි නොදැන, තම දීප්තිමත් අනාගතය බොඳව යනු බලා සිටියි. කැරලයින් සත්‍යය සොයාගැනීමේ අධිෂ්ඨානයෙන් යුතුව, තමන්ව ලන්ඩන් සමාජයේ විභූතියේ සිට කෝන්වෝල්හි වනගත මුඩුබිම් දක්වාම ගෙන යන ගවේෂණයක් අරඹයි. එම සෙවීම, ඇයව ඇගේ විලිබර, සොබමන් සොයුරියට එරෙහිව සේම දයාවක් නොමැති වික්ටෝරියානු සමාජයට එරෙහිව සටන් කිරීමට යොමු කරවයි. එම වික්‍රමය ඇයව සිය අතීතයේ සිරකරුවකු වෙන අඳුරු, ගුප්ත පෝල් ලෑන්ඩෝවර්ගේ දෝතට තල්ලු කරයි. ඇගේ සිහින කුමරු අබිරහස් ඝාතනයකට වරදකරුද?

ISBN
9786245519880
පිටු ගණන (Pages)
608
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උරුමයක රැඳි ශාපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.