ශ්‍රමය ඉටුකළ මෙහෙවර

Special Price රු. 180.00 Regular Price රු. 200.00
In stock
SKU
shramaya-itukala-mehewara-kallyananda-thiranagama-kadulla

ලෝ පුරා මහත් සංවාදයකට බඳුන් වූ ෆෙඩ්රික් එංගල්ස්ගේ මෙම ලේඛනය ප්‍රකාශයට පත්වූයේ එය ලිවීමෙන් (1876) වසර 20කට පසුව ය. ඔහු විසින් ලිවීමට බලාපොරොත්තු වූ, එහෙත් සිය දිවිසැරිය තුළ නිම කළ නොහැකි වූ දැවැන්ත කෘතියකට හැඳින්වීමක් ලෙස එංගල්ස් විසින් මෙම වියමන කළ බව කියැවේ.

පොසිල හෝ වෙනත් පුරාවිද්‍යාත්මක සාක්ෂි ඉතා විරල වූ යුගයක දී මානව සංහතියේ පරිණාමය එංගල්ස් විසින් පැහැදිලි කරන්නේ මාක්ස්වාදයේ එන ද්විඝටනාත්මක භෞතිකවාදී ප්‍රවේශයකිනි. එනිසාම ඔහුගේ සමකාලීන විද්‍යාඥයන්ට සිතාගැනීමටත් නොහැකිවූ ගැටලු රැසකට සවිස්තරාත්මක පිළිතුරු සැපයීමට මේ කෙටි ලිපියෙන් එංගල්ස් සමත් වී තිබේ.

"...ශ්‍රමය ඉටුකළ මෙහෙවර” යන යෙදුම කෙටි වුවද, ද්විඝටනාත්මක භෞතිකවාදය හා මානව පරිණාමය තේරුම් ගැනීමට උපකාර්වන මහඟු පාඩම් රැසක් ඒ තුළින් කියාදීමට එංගල්ස් සමත් වී ඇති බව Marxist Internet Archives වෙබ් අඩවියේ කතුවරයෙකු වන ඇලන් වුඩ්ස් පවසයි.

නූතන විද්‍යාත්මක සොයාගැනීම් හා න්‍යායන් මගින්ද එංගල්ස්ගේ තර්කානුකූල ඉදිරිපත් කිරීම් වඩාත් නිවැරැදි බව තහවුරු කෙර්‍ර ඇත: කෙරෙමින් ඇත.

විද්‍යාව, දර්ශනය, දේශපාලනය, ඉතිහාසය, සොබාදහම සහ පරිසරය යනාදී සියල්ල අතර වන අන්තර් ක්‍රියාකාරීත්වය මැනවින් කැටි කොටගත් විශිෂ්ට ලේඛනයක් ලෙස මෙම කෘතිය ලෝ පුරා සම්භාවනාවට පාත්‍ර වී තිබේ.

Author කල්‍යානන්ද තිරාණගම - KalyanandaThiranagama (3)
Publisher කඩුල්ල ප්‍රකාශන - Kadulla Prakashana (87)
More Information
ISBN 978624629513
පිටු ගණන 42
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ශ්‍රමය ඉටුකළ මෙහෙවර
Back to Top