ශ්‍රමය ඉටුකළ මෙහෙවර
ලෝ පුරා මහත් සංවාදයකට බඳුන් වූ ෆෙඩ්රික් එංගල්ස්ගේ මෙම ලේඛනය ප්‍රකාශයට පත්වූයේ එය ලිවීමෙන් (1876) වසර 20කට පසුව ය. ඔහු විසින් ලිවීමට බලාපොරොත්තු වූ, එහෙත් සිය දිවිසැරිය තුළ නිම කළ නොහැකි වූ දැවැන්ත කෘතියකට හැඳින්වීමක් ලෙස එංගල්ස් විසින් මෙම වියමන කළ බව කියැවේ.
පොසිල හෝ වෙනත් පුරාවිද්‍යාත්මක සාක්ෂි ඉතා විරල වූ යුගයක දී මානව සංහතියේ පරිණාමය එංගල්ස් විසින් පැහැදිලි කරන්නේ මාක්ස්වාදයේ එන ද්විඝටනාත්මක භෞතිකවාදී ප්‍රවේශයකිනි. එනිසාම ඔහුගේ සමකාලීන විද්‍යාඥයන්ට සිතාගැනීමටත් නොහැකිවූ ගැටලු රැසකට සවිස්තරාත්මක පිළිතුරු සැපයීමට මේ කෙටි ලිපියෙන් එංගල්ස් සමත් වී තිබේ.
"...ශ්‍රමය ඉටුකළ මෙහෙවර” යන යෙදුම කෙටි වුවද, ද්විඝටනාත්මක භෞතිකවාදය හා මානව පරිණාමය තේරුම් ගැනීමට උපකාර්වන මහඟු පාඩම් රැසක් ඒ තුළින් කියාදීමට එංගල්ස් සමත් වී ඇති බව Marxist Internet Archives වෙබ් අඩවියේ කතුවරයෙකු වන ඇලන් වුඩ්ස් පවසයි.
නූතන විද්‍යාත්මක සොයාගැනීම් හා න්‍යායන් මගින්ද එංගල්ස්ගේ තර්කානුකූල ඉදිරිපත් කිරීම් වඩාත් නිවැරැදි බව තහවුරු කෙර්‍ර ඇත: කෙරෙමින් ඇත.
විද්‍යාව, දර්ශනය, දේශපාලනය, ඉතිහාසය, සොබාදහම සහ පරිසරය යනාදී සියල්ල අතර වන අන්තර් ක්‍රියාකාරීත්වය මැනවින් කැටි කොටගත් විශිෂ්ට ලේඛනයක් ලෙස මෙම කෘතිය ලෝ පුරා සම්භාවනාවට පාත්‍ර වී තිබේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.