තවමත් හමුනොවූ සාධාරණය සොයා...
පීඩිත පන්ති අරගලයේ කථාවක්
පීඩිත පන්තිය හා ධනපතීන් අතර ගැටුම ලොව සදාතනික ගැටුමක් වන අතර සිය අයිතිවාසිකම් කොටසක් උදුරා ගැනීම සඳහා ධෛර්යමත් දුගී පිරිස් විසින් කරන ලද සටන් වලින් ඉතිහාසය පිරී ඇත. සමහරක් සාර්ථකව ඇති අතර බොහොමයක් ඛේදවාචකවලින් අවසන්ව ඇත. එහෙත් පීඩිත ජනතාව සිය අරගලය නැවැත්වීමේ සූදානමක් ද නැත. එය පීඩිත පන්තියේ විමුක්තිය පතන අප වැනි පක්ෂවල සදා අභිවාදනයට පාත්‍රව තිබේ.
එවන් ධෛර්යමත් කථාවක් කියන කල්‍යානන්ද තිරාණගම පීඩිත පන්තියේ සාමාන්‍ය පවුලක ඉපිද සමාජයේ නොයෙක් තාඩන පීඩනයන්ට ලක්වෙමින් ඉන් පන්නරය ලබා එම විෂම සමාජය වෙනස් කිරීමට තැත්කරමින් හැදී වැඩුනු අයෙකි. ඔහුගේ පියා ද එවන් පීඩනයට ලක්වන අතර ඔහු ද ඉන් අසරණ භාවයට පත්වන්නේ පවුලේ බර පවා සිය කරමතට ගනිමිනි. එහෙත් සිය අරගලය අත් නොහරින හෙතෙම විටෙක සිය ඉරණම ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් තිබියදී වුවද පන්ති සගයන් පාවා නොදීමට තරම් ශක්තිමත් ආත්ම විශ්වාසයකින් යුතු වෙයි.
ඇතැම් අභියෝග ජයගෙන ඉදිරියට පැමිණ ඇති මෙවක වුවද තිරාණගමගේ පීඩිත ජනතාවාදී මනවාදය අදත් ඉතා මුවහත් ය. සමාජයේ විවිධ ක්‍රියාකාරකම් ගැන ඔහු අවදියෙන් සිටින අතර අවස්ථාව ලද සෑමවිටම සිය සටන දියත් කරන්නේ කිසිදු පැකිලිමකින් තොරව ය. ඔහු වෙනස්ම වර්ගයේ නීතිඥවරයෙකි. සිය අනුග්‍රාහකයා කෙරෙහි මහත් ලැදියාවෙන් ඉතා අවංකව සෑම ආධාරයක් ම කිරීමට ඔහු නොපැකිලව ඉදිරිපත් වෙයි. එවන් මානව හිතවාදියකු බිහිවීමට පසුබිම් වූ හේතූන් ලෙස මෙහි විස්තරවන පීඩිතයකුව සිටියදී ලද තාඩන පීඩන දුක් කරදර නිසා ලද පන්නරයත් ඔහුගේ මානව හිතවාදී ගුණයත් හේතුවී ඇති අයුරු අපට දැකගත හැකි ය.
කල්‍යානන්ද තිරාණගමගේ මෙම කෘතියේ විස්තර වන අධිපතියන්ගේ කෲරත්වය ද එයට එරෙහි ඔහුගේ අරගලයේ සටනද උත්සාහයන් පරාජයන් හා ජයග්‍රහණවලින් පිරි අත්දැකීම්ද නොපසුබස්නා ධෛර්යයද සමාජයට මහත් සේ ප්‍රයෝජනවත් වන්නේ අනාගතයේ සටනට බසින එවන් පීඩිත පන්ති ජනතාවගේ ආශ්වාදයට එය හේතුවන බැවිනි.
මහාචාර්ය තිස්ස විතාරණ
ලංකා සමසමාජ පක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.