Back to Top
ශූක්ල මුහුර්තය
Special Price
රු. 630.00
Regular Price
රු. 700.00
In stock
SKU
shukla-muhurthaya-jayanthimala-perera-shajaya-publishers
ඒ තුරු සෙවණේ ඇත්තේ සුවයකි. ගංදිය සුපුරුදු ගමනේ ය, පහළට ම ගලයි. වෙහෙසක් නැති ගමනක යොදන්නට ඒ මත වැටුණු වියළි තුරු පතට ද ඇත්තේ වාසනාවකි. ඒ හෝ හඬෙහි ඇත්තේ ගුප්ත බවකි.ගංදිය තැන තැන ඇති කළු ගල්තලා ගැන කෝප නො වී තම මඟ සලසා ගනිමින් මුහුදු දිය සොයා යන ගමනේ යෙදෙයි.තමා කැටුව යන්නට ආ කිසිවක් ගැන අමනාපයක් ගංදියට නම් නැත.ඇත්තේ එක ම අරමුණකි.කරදිය හා මුසුවන රසාලිප්ත වින්දනයක පහස පමණි.
ඒ දියෙහි කෙළිනා මීනයන් ද සතුටෙනි. තම මුවෙහි ගැටෙනා මොනයම් දෙයකට හෝ කොටමින් ඒ රැඟුම තනි තනිවද රංචු ගැසී ද සිදු වෙයි. සමහර විට ඒ රැඟුමේ අවසන් දවස මේ යැයි ඔවුන් නො දන්නවා විය යුතු ය. ජීවත් වීමේ අරගලයක යෙදෙන දෙපා සතෙකුගේ දැලට හසුවෙන තුරු ජීවිතය සුන්දර ය.තව ජීවියෙකුගේ බඩ ගින්දර වෙනුවෙන් ජීවිත දානයක් කරනා බව ඔවුන් නො දන්නේ වුව ද ඒ පින ඔවුනට හිමි විය යුතුම ය.
Author | ජයන්තිමාලා පෙරේරා - Jayanthimala Perera (8) |
---|---|
Publisher | ශාජය ප්රකාශන - Shajaya Publishers (12) |
dxtd d
ISBN | 9786246238018 |
---|---|
පිටු ගණන | 200 |
දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |
Write Your Own Review