Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිදංගනා 1 - සිදංගනා ඉරුගල්බණ්ඩාර

සිදංගනා 1 - සිදංගනා ඉරුගල්බණ්ඩාර

About this book

"සුදු අයියෙ, අනේ මේ කිසි දෙයක් වෙනස් කරන්න එපා. ලස්සනට තියාගන්න අපේ ගෙදර." මම යළිත් ඔහුට කීවෙමි. ඔහු කිසිවක් නොකියා මගේ හිස සිප ගත්තේය.

"කෙල්ලෙ, අපි යමු මගේ මැණික. තව ඉඳලා මට උඹට යන්න නොදී තියාගන්න තැනට එන්න එපා වස්තුවේ. එන්න මගේ රත්තරං. උඹ මගේ යකඩ කෙල්ල..."

කාමරයෙන් එළියට බසිද්දී යළිත් වරක් මම ඒ නිදන කාමරය දෙස හැරී බැලුවෙමි. ඔව්, හරිම අමුතුය. එහි වචන වලින් කියන්නට බැරි අන්ධකාරයකි.

නිවස ඉදිරියේ වූ බුදු පිළිම වහන්සේට මම දොහොත් මුදුන්දී වැන්දෙමි. යළිත් වරක් මුළු නිවස දෙසම බලා අවසානයේ රන්දිම දෙසද බලා ඔහුගේ අතින් අල්ලාගෙනම මම එළියට ආවෙමි. රන්දිම දොර ලොක් කරන විට මම නිවසේ ලිපිනය සහිත පුවරුව දෙස බලා සිටියෙමි.

"Flat 17,
7th floor,
************
*****************
Bambalapitiya.

අපේ ආදරයේ පළවෙනි කැදැල්ල මෙන්ම මගේ පළමු නිවස අංක 17... මම ඒ පුවරුව ආදරයෙන් පිරිමැද රන්දිමගේ අතින් අල්ලාගෙන ලිෆ්ට් එකේ පහළ මාලයට ආවෙමි. අවට වටපිටාව ගැන කිසිවක් නොසිතා මම රන්දිමව සිපගත්තෙමි.

"සුදු මැණික, පරිස්සමෙන් යන්න. ගිය ගමන් මට කෝල් කරන්න. මම බලන් ඉන්නෙ."

රන්දිම මගේ හිස සිපගත්තේය. අවසානයේ අපි දෙදෙනාගේ අත් අතහැරුණි. දෙදෙනාම මොහොතක් බලා සිට වාහන පණගැන්වූයෙමු. මට ඉස්සර වන්නට දී රන්දිම පසුපසින්ම පැමිණියද නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව අසලදී මම වම් අත පැත්තටත් රන්දිම දකුණු අත පැත්තටත් අපගේ වාහන හැරවූයේ මවුබිමෙන් යාමට ප්‍රථම යළිත් ඒ මුහුණ දැක, ඒ පහස විඳගැනීමේ අපේක්ෂාවෙනි.

ISBN
9786249557307
පිටු ගණන (Pages)
366
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිදංගනා 1 - සිදංගනා ඉරුගල්බණ්ඩාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.