Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සිනාසෙන සුදු හාමුදුරුවෝ 20 - අනුන්ට උදව් කිරීම ඉතා හොඳයි. ඒත් පරිස්සමින්

සිනාසෙන සුදු හාමුදුරුවෝ 20 - අනුන්ට උදව් කිරීම ඉතා හොඳයි. ඒත් පරිස්සමින්

About this book

Help
අනුන්ට උදව් කිරීම ඉතා හොඳයි. ඒත් ඉතා පරෙස්සමින්.
Enlightenmenut and Happiness
සැබෑ සතුට හා නිවන් සුවය.
Scratching the wrong place
වැරදි තැනට බෙහෙත් කළොත් ලෙඩේ තවත් වැඩි වෙනවා.
Dead Loss
මේ විපත් නොවෙයි. දේවදූතයන් අපට කල්තියා දන්වනවා.
ISBN
9789550079803
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Buddhism
    අනුන්ට උදව් කිරිම ඉතා හොඳයි , ඒත් ඉතා පරිස්සමෙන් සහ තවත් දේශන

    මේ සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළෙ හි 20 වන කෘතිය වේ.

    ????කවුද මේ සිනාසෙන සුදු හාමුදුරුවෝ (අජාන් බ්‍රහ්මවංසෝ හිමි)?

    අජාන් බ්‍රහ්මවංසෝ හිමි උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඔහුගේ ගිහි නම පීටර් බෙට් ය අවුරුදු 17 දී බුදු දහම කෙරෙහි උනන්දුවක් දක්වන උන්වහන්සේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි. එයත් එසේ මෙසේ උපාධියක් නොව සෛධාන්තික භෞතික විද්‍යාවෙනි.

    අනතුරුව තායිලන්තයට ගොස් අජාන් චා හිමියන් යටතේ උපසම්පදාව ලබන පීටර් බෙට් එතැන් සිට අජාන් බ්‍රහ්මවංසෝ නමින් තම පැවිදි ජීවිතය ආරම්භ කරන අතර ඕස්ට්‍රේලියාවේ පර්ත් හි වැඩ වාසය කරයි.

    ???? වර්තමාන ශාසනික මෙහෙවර

    ලොව පුරා ධර්ම දේශනා සඳහා වැඩම කරන බ්‍රහ්මවංසෝ ස්වාමීන්වහන්සේ අන් කටයුත්තක් සඳහා බැහැරක වැඩම නොකළ හොත් නොවරදවාම සිකුරාදා දින නොලමෝරා පන්සලට වැඩම කර භාවනා වැඩසටහනක් සහ ධර්ම දේශනාවක් පවත්වති (Buddhist Society of Western Australia youtube නාලිකාවෙන් ඔබට ඒ සඳහා ප්‍රවේශ විය හැක).

    ????පොත ගැන

    මෙහි දැක්වෙන්නේ බ්‍රහ්මවංසෝ හිමියන් සිදු කරන ලද ධර්ම දේශනා කිහිපයක් සමරසිංහ ගුණසේකර මහතා විසින් සිංහලයට පරිවර්තනය කර සකස් කරන ලද දහම් පඬුරකි.

    මෙහි ගරු අජාන් බ්‍රහ්ම හිමියන් විසින් දේශිත පහත දේශනා 04 අන්තර්ගත වේ.

    1.අනුන්ට උදව් කිරිම ඉතා හොඳයි ඒත් ඉතා පරිස්සමෙන් (Help)

    2.සැබෑ සතුට සහ නිවන් සුවය (Enlightenment and Happiness )

    3.වැරදි තැනට බෙහෙත් කලොත් ලෙඩේ තව වැඩිවෙනවා ( Scratching the wrong place)

    4.මේ විපත් නෙවෙයි (Dead loss)

    පරිවර්තනය - සමරසිංහ ගුණසේකර
    ප්‍රකාශනය - සුනෙර ප්‍රකාශන
    මිල - රු 195.00

    සටහන
    රංග යුදාර
    2022.07.15
    Ranga Yudara ·
Write a review
Write a review

You're reviewing: සිනාසෙන සුදු හාමුදුරුවෝ 20 - අනුන්ට උදව් කිරීම ඉතා හොඳයි. ඒත් පරිස්සමින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.