Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / සිනාසෙන සුදු හාමුදුරුවෝ ළමයින්ට කියූ කතන්දර

සිනාසෙන සුදු හාමුදුරුවෝ ළමයින්ට කියූ කතන්දර

About this book

නිරතුරුවම සිනහවෙමින්, සරල බසින් ගැඹුරු ධර්මය කියා දෙන නිසා ‘සිනාසෙන සුදු හාමුදුරුවන්’ නමින් අපි විසින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ කතා කීමේ රුසියෙකි. ගැඹුරු ධර්මය සරලව, එහෙත් නිරවුල්ව කියාදීමේ දී උන්වහන්සේ නිරතුරුව කතාන්දර ගෙන හැර පාති.

පැවිදිවීමට පෙර ගුරුවරයෙකුව සිටි උන්වහන්සේ ඉඩක් ලද සැමවිටම ළමයින් ඇසුරු කරති. ඔවුන්ට බණ දහම් කියා දෙති. ළමයින්ට තේරෙන බසින් රසවත්ව ධර්මය කියාදීම සඳහා වැඩිපුරම උන්වහන්සේ භාවිතා කරන්නේ කතාන්දර ය. මේ පොතේ ඇතුළත් වෙන්නේ උන්වහන්සේ ළමයින් වෙනුවනේ පැවැත්වූ දේශන කිහිපයකදී ළමයින්ට කිවූ කතා කිහිපයකි.

මේ කතාන්දර ළමයින්ට මෙන්ම තරුණ තරුණියන්ට ද, වැඩිහිටියන්ට ද ආදරය, කරුණාව, මෛත්‍රිය පරිත්‍යාගය, ඉවසීම, වැනි උතුම් ගුණාංග ඉතාම සරලව හා රසවත්ව කියාදෙන බව අපේ විශ්වාසයයි.

ISBN
9789550079285
පිටු ගණන (Pages)
71
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිනාසෙන සුදු හාමුදුරුවෝ ළමයින්ට කියූ කතන්දර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.