Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සිංහලේ

About this book

වෛද්‍ය හෙන්රි මාර්ෂල් ම සිය සංඥාපනයේ පවසන පරිදි ඔහු 1808 දී ලංකාවට පැමිණියේ ය; කන්ද උඩරට රාජධානිය අත්පත් කරගැනීම සඳහා 1814 දී සංවිධානය කළ හමුදාවේ පළමු වන සේනාංකයට අයත් වූයේ ය; 1816 සිට 1821 තෙක් උඩරට පළාත්වල ජ්‍යෙෂ්ඨ ම වෛද්‍ය නිලධරයා වූයේ ය.

මේ නිසා ම වෛද්‍ය හෙන්රි මාර්ෂල් කන්ද උඩරට රාජ්‍යය ඉංග්‍රීසීන් හට අත්පත් වීම හා 1818 උඩරට නිදහස් සටන ද යන, අප රටට අතිශයින් ම වැදගත් වූ ඓතිහාසික අවස්ථාවන්හි සාක්ෂ්‍යකරුවෙකි; සිංහලයේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ හා කතාබස් කළ තැනැත්තෙකි; කැප්පෙටිපොළ මහ නිලමේ සිය මරණයට වීරෝදාර ලෙස මුහුණ දුන් අයුරු දෑසින් දුටු වාර්තාකරුවෙකි. අද අප ගේ ජාතික වස්තුවක් වන ඒ වීරයා ගේ හිස් කබල රැකුණේ ද ඒ අවස්ථාවේ දී මේ වෛද්‍යවරයා එය ආරක්ෂා කරගැනීමට කටයුතු කළ නිසා ය.

දහනව වන සියවසේ ලංකාව පිළිබඳ ව යුරෝපීයයන් ලියූ අනෙක් කෘතිවලට වඩා මේ කෘතිය සුවිශේෂ වනුයේ වෛද්‍ය මාර්ෂල් මෙය රචනයේ දී දක්වා ඇති මධ්‍යස්ථ භාවය නිසා ය. එහි දී ඔහු හා සම වනුයේ වෛද්‍යවරයකු ම වූ ජෝන් ඩේවි පමණි. එයට අමතර ව, ලංකාව පිළිබඳ ව ඒ වන විට පළ ව තිබූ ග්‍රන්ථයන් ගෙන් ද නොපළ වාර්තා සටහන්, දිනපොත්, ලියුම්, හමුදා වාර්තා සටහන් ආදි බොහෝ මූලාශ්‍රයයන් ගෙන් ද උපුටාගත් කරුණුවලින් මේ ග්‍රන්ථය පිරී පවතී.

Details
ISBN
9789553407214
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිංහලේ

Reviews are published once a member of our team has read them.