Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / සිපුම් සීරුම් කෙනිත්තුම්

සිපුම් සීරුම් කෙනිත්තුම්

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ඔබේ තේ එකට සකුරු දමන්නත් 

නියම වෙලාවට ඔබේ විටමින් බෙහෙත් දෙන්නත් 

ඔබ මට පුරුදු කළා.

ඔබේ දැවැන්ත මමංකාරයඅසළ බියෙන් හැකිළී

මායාමය සූකිරි කෑ මා 

කුරුමිට්ටියක් බවට පත් වුණා. 

මගේ සිතැඟි සහ තර්කන අහිමි වුණ මා 

ඔබේ සියලුම ප්‍රශ්නවලට 

නොගැළපෙන පිළිතුරු මිමුණුවා. 

ග්‍රීෂ්මය දිය වීම ඇරඹුණා. 

ප්‍රපාතයේ කැරකෙන සුළං සහ 

දැවෙන පත්වලින් නැගෙන දුම් මට මතකයි. 

ඔබේ කුටිය හැමදාම බැබළුණේ කෘත්‍රීම එළිවලින්. 

ඔබේ කවුළු නිතරම වහලයි තිබුණෙ. 

වායු සමීකරණ පවා යම්තමිනුයි සහනයක් වුණේ. 

හැම තැනම පැතිර තිබුණේ ඔබේ හුස්මේ පිරිමි සුවඳයි.

කපා බඳුන්වලට දැමූ මල් 

මිනිස් දහඩියගන්ධය පතුරුවන්න පටන් ගත්තා. 

තව දුරටත් ගීත ඇසුණේ නෑ. 

නැටුම් තිබුණෙත් නෑ. 

මගේ සිත සියලු එළි නිවා දැමූ 

පරණ සෙල්ලම් ගෙදරක් වගෙයි.

ISBN
9789556565270
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිපුම් සීරුම් කෙනිත්තුම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.