Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / Law නීතිය / සිවිල්, සමාජ, දේපළ, නීති ප්‍රතිකර්ම

සිවිල්, සමාජ, දේපළ, නීති ප්‍රතිකර්ම

About this book

නීතිවේදීන් අතරත්, නීති සිසුන් අතරත්, සුවිශාල සාමාන්‍ය පාඨක ජන සමූහයක් අතරත් අති මහත් ජනප්‍රියත්වයට පත් වූ එදිනෙදා ජීවිතයට නීතිය පොත් පෙළේ 3 වැන්න සිවිල් සමාජ දේපළ නීති ප්‍රතිකර්ම කෘතියයි. මෙයට පදනම් වන්නේ නීතිඥ කපිල ගාමිණි ජයසිංහ විසින් ලක්බිම ඉරිදා සංග්‍රහයේ රිද්ම අතිරේකයට වසර 8ක් තිස්සේ ලියන ලද ලිපි පෙළෙහි තෝරාගත් තවත් ලිපි එකතුවකි. මෙහි අන්තර්ගතය, දේපළ නීතිය, සිවිල් අයිතිවාසිකම්, සිවිල් නඩු විධාන සංග්‍රහයට අදාල ප්‍රතිපාදන, ළමා අයිතිවාසිකම්, වෛවාහක නීති, මෝටර් රථවාහන නීති, කම්කරු අයිතිවාසිකම්, පරිපාලන නීතිය වැනි විෂය ක්‍ෂෙත්‍ර ගණනාවක් පුරා විහිදුණු අලුත්ම නඩු තීන්දු හා අණපනත් ඇසුරින් සැකසුණු ලිපි රාශියකින් සමන්විතය. මුලින් කර්තෘ ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශිත මෙම ග්‍රන්ථයේ සංශෝධිත දෙවැනි මුද්‍රණය මෙසේ සරසවි ප්‍රකාශනයක් ලෙස එළිදකී.

එදිනෙදා ජීවිතයට නීතිය - 3 සිවිල් සමාජ දේපළ නීති ප්‍රතිකර්ම ග්‍රන්ථයේ කර්තෘවරයා වන නීතිඥ කපිල ගාමිණි ජයසිංහ සියලුම සිවිල් අධිකරණවල නඩු කටයුතු සඳහා පෙනී සිටින නීතිඥවරයෙකි. JMC (ජයසේකර කළමණාකරණ මධ්‍යස්ථානයේ) උපාධි අපේක්‍ෂකයන්ට බැංකු නීතිය, ව්‍යාපාර නීතිය පිළිබඳවත් නීති ප්‍රවේශ විභාග අපේක්ෂකයින්ටත් දේශන පවත්වන කථාකාචාර්යවරයෙකි. ලක්බිම ඉරිදා සංග්‍රහයට නීති ලිපි සපයන රචකයෙකි. වර්ෂ 1996 දී කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය දිනාගත් ඔහු, මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ආදි ශිෂ්‍යයෙකි. මානව හිමිකම් ආයතනය (HR) මෙහෙයවූ ජාත්‍යන්තර මානව හිමිකම් නීති පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ ඩිප්ලෝමාධාරියෙකු වන හෙතෙම, මීට පෙර එදිනෙදා ජීවිතයට නීතිය 1 හා 2 , නීතියේ ප්‍රභව හා ආයතන, ව්‍යාපාර ලෝකයේ නීතිය , ඇප දීමේ රීතිය, පරිගණක හා අන්තර්ජාල නීතිය , කල් ඉකුත්වීමේ ( කාලාවරෝධය ) නඩු නිමිති හා අධිකරණ බලය , වංචා වැළැක්වීමේ නීතිය, විවාහ නඩුකර, මාර්ග අයිතිය, විනිශ්චිතකරුණ, බැංකුව - ගනුදෙනුකරුවා හා නීතිය යන නීති ග්‍රන්ථ 14 ක් මීට පෙර සිංහලෙන් ලියා පළ කර ඇත.

Details
ISBN
9789556715262
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සිවිල්, සමාජ, දේපළ, නීති ප්‍රතිකර්ම

Reviews are published once a member of our team has read them.