Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සියක් වතින් තිහක්

සියක් වතින් තිහක්

About this book

මේ සටහන්වලට ඇතුළත් වන්නේ මට ඇසුරු කිරීමට ලැබුණු පුද්ගල සමූහයකි. ඒ සෑම කෙනකුගෙන් ම මට කිසියම් ආභාසයක් ලැබී ඇතැයි කල්පනා වේ. එබැවින් මේ හැම ඇසුරකින් ම මට හැඟී ගියේ සටහන් කොට තැබිය යුතු ඒවා ලෙසයි. එසේ ම ඒවා කිසිලෙසකින් පිරිපුන් අපදාන ලෙස නොසැලකිය යුතුය. ඒවායේ විටෙක මුලක්, මැදක්, හා අගක් සම්මත ගණයේ චරිත කතාවක මෙන් දැකගත නොහැකිවෙනු ඇත. එබැවින් මේ සටහන් පෙළ චරිතකතා ගණයේ ලා සම්මත ලෙස ගිණිය නොහැකිය. විටෙක ඒවා චරිතාංශු ලෙස සැලකිය හැකිය. තවත් විටෙක ‛සිද්ධි’ හා අවස්ථා’ ලෙස දැක්විය හැකිය. මගේ සමහර ගුරුවරු මෙහි හමුවෙති. කලාකරුවෝ හමුවෙති. මිතුරෝ හමුවෙති. මට මෙහි හමුවෙන අය, මගේ ජීවිත කාලයෙන් අඩ සියවසකට වැඩි කලක් ඇතුළත දී හමු වූ අය වෙති. කිසියම් අභ්‍යන්තර පෙලඹීමක් නිසා ඔවුන් පිළිබඳ මෙබඳු සටහන් ලිවිය යුතු යයි මට සිතුණු වාර අපමණය.

ISBN
9786245711147
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සියක් වතින් තිහක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.