Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සොඳුරු සිත්තරාවී

සොඳුරු සිත්තරාවී

About this book

ලැබි ලැබී නොලැබෙනා

ආදරේ මට නුඹේ

කියනවද හංගන්නෙ

ඇයි ඔහොම ඇස් දෙකේ

පෙමාතුර හඳ අන්න

ඇවිත් දුර නුබ ගැබේ

විමසාවි ඔච්චමට

කවුරුන් ද නුඹ මගේ..

 

දුර ඈත කඳු යාය

නිල්ල නෙළනා උදේ

මීදුමක පාවෙලා

එන්නමයි හිත මගේ

නෙත් ඇරෙන ඇසිල්ලේ

හීන නිම වී ඉබේ

තියාගමි පපුව උඩ

උණුහුමට පෙම නුඹේ..

 

පියාපත් රිදුණාට

ඉගිල්ලී ආකහේ

කිරිල්ලක් නෑ නේද

නැවතුණේ කූඩුවේ

රිදවෙනා මුත් ඉතින්

දිවා රෑ හිත මගේ

හසරැල්ල වෙමි ප්‍රියේ

හැමදාම මම නුඹේ...

ISBN
9786245784158
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සොඳුරු සිත්තරාවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.