ස්පාඤ්ඤ ගුරුවරයා

Special Price රු. 882.00 Regular Price රු. 980.00
Out of stock
SKU
spanya-guruwaraya-ahangama-dhammara-thero-modern

ධම්මාරාම හිමිපාණෝ 1926 ඔක්තෝබර 02 වැනි දා දකුණු ලක අහංගම උඩුකුඹුර ග්‍රාමයෙහි ඉපිද 1940 ඔක්තෝබර 10 වැනි දින අහංගම පඤ්ඤාලෝක මහනාහිමිපාණන් ගේ උපාධ්‍යායත්වයෙන් වැල්ලවත්තේ ශ්‍රී විජයාරාමයේ දී පැවිදි බවට පත්වූහ. මාලිගාකන්දේ විද්‍යොදය මහ පිරුවනේ අධ්‍යාපනය අවසන් කළ පසු විද්‍යොදය විශ්ව විද්‍යාලයෙන් කලාවේදී ගෞරව උපාධිය ලැබ ප්‍රවීණ ආචාර්‍යවරයකු ලෙස කලක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙහි සේවය කළහ. අනතුරුව රාජ්‍ය සේවයෙන් ඉසුඹු ලැබ 1980 වර්ෂයෙහි අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් බෞද්ධ විහාරාධිපති පදවිය භාරගත් ධමිමාරාම හිමිපාණෝ මෙ කල අමෙරිකාවේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝ නායක පදවිය හොබවති.

දීර්ඝ කාලයක සිට ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරණයෙහි නියුක්ත මාහිමියන්ගේ පාලි, සංස්කෘත, හින්දි, ඉංගිලිසි, ස්පාඤ්ඤ ආදි පෙර අපර දෙදිග භාෂා නෛපුණ්‍යය ප්‍රකට වන උසස් කෘති ගණනාවක් උන්වහන්සේ පළ කළ - නොකළ රචනා අතර වෙයි. භාරතීය හින්දි ලේඛක ප්‍රේමචන්ද්‍රයන් ගේ ප්‍රේමපංචමියෙහි රමණීය සිංහලානුවාදය ඉන් එකකි.

ව්‍යක්ත ධර්ම දේශකයකු වන උන්වහන්සේ ශ්‍රාවක පහන් සංවේගයට උචිත අවස්ථායෙහි ස්පාඤ්ඤ බස ද වහරති. එ සේම උන්වහන්සේ උගත් ස්පාඤ්ඤ බස තම මවු බිමේ සහෝදර ජනතාවට ද බෙදා දී හිත වැඩ සැලසීමේ අරමුණින් මේ ගත එළි දැක්වීම ලක් වැසි අප ලද ඉමහත් භාග්‍යයකි.

Author අහංගම ධම්මාරාම හිමි - Ahangama Dhammarama Thero (1)
Publisher මොඩන් පොත් සමාගම - Modern Book Company (70)
More Information
ISBN 9789555581332
පිටු ගණන 371
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ස්පාඤ්ඤ ගුරුවරයා
Back to Top