Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / ස්පාඤ්ඤ ගුරුවරයා
About this book

ධම්මාරාම හිමිපාණෝ 1926 ඔක්තෝබර 02 වැනි දා දකුණු ලක අහංගම උඩුකුඹුර ග්‍රාමයෙහි ඉපිද 1940 ඔක්තෝබර 10 වැනි දින අහංගම පඤ්ඤාලෝක මහනාහිමිපාණන් ගේ උපාධ්‍යායත්වයෙන් වැල්ලවත්තේ ශ්‍රී විජයාරාමයේ දී පැවිදි බවට පත්වූහ. මාලිගාකන්දේ විද්‍යොදය මහ පිරුවනේ අධ්‍යාපනය අවසන් කළ පසු විද්‍යොදය විශ්ව විද්‍යාලයෙන් කලාවේදී ගෞරව උපාධිය ලැබ ප්‍රවීණ ආචාර්‍යවරයකු ලෙස කලක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙහි සේවය කළහ. අනතුරුව රාජ්‍ය සේවයෙන් ඉසුඹු ලැබ 1980 වර්ෂයෙහි අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් බෞද්ධ විහාරාධිපති පදවිය භාරගත් ධමිමාරාම හිමිපාණෝ මෙ කල අමෙරිකාවේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝ නායක පදවිය හොබවති.

දීර්ඝ කාලයක සිට ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරණයෙහි නියුක්ත මාහිමියන්ගේ පාලි, සංස්කෘත, හින්දි, ඉංගිලිසි, ස්පාඤ්ඤ ආදි පෙර අපර දෙදිග භාෂා නෛපුණ්‍යය ප්‍රකට වන උසස් කෘති ගණනාවක් උන්වහන්සේ පළ කළ - නොකළ රචනා අතර වෙයි. භාරතීය හින්දි ලේඛක ප්‍රේමචන්ද්‍රයන් ගේ ප්‍රේමපංචමියෙහි රමණීය සිංහලානුවාදය ඉන් එකකි.

ව්‍යක්ත ධර්ම දේශකයකු වන උන්වහන්සේ ශ්‍රාවක පහන් සංවේගයට උචිත අවස්ථායෙහි ස්පාඤ්ඤ බස ද වහරති. එ සේම උන්වහන්සේ උගත් ස්පාඤ්ඤ බස තම මවු බිමේ සහෝදර ජනතාවට ද බෙදා දී හිත වැඩ සැලසීමේ අරමුණින් මේ ගත එළි දැක්වීම ලක් වැසි අප ලද ඉමහත් භාග්‍යයකි.

ISBN
9789555581332
පිටු ගණන (Pages)
371
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ස්පාඤ්ඤ ගුරුවරයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.