Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය

About this book

මේ රටේ යහපාලනය පවත්වාගැනීම සඳහා උචිතම ක්‍රමය වනුයේ ජනතා පාලන ක්‍රමයක් ගොඩනැගීම බවත් ඒ සඳහා දේශයේ ඉතිහාසය පුරාම පැවති ඒකීය ආණ්ඩුක්‍රමය' සහ ‛ගම්සභා ක්‍රමය’ ඔස්සේ ජනතාව පරිපාලන කටයුතුවලට සම්බන්ධකර ගැනීම යලි පණගැන්විය යුතු බවත් මහාචාර්ය මාලනී ඇඳගම මැතිණියගේ විශ්වාසයයි.

ඒ සඳහා කළ යුතු වන්නේ අවුරුදු 2500ක් පමණ තිස්සේ ක්‍රමික වර්ධනයක් ලබා අධිරාජ්‍යවාදී යුගයේදී පසුබෑමට ලක්වී, පසුව අපේම අදූර්දර්ශී පාලකයන් අතින් අභාවයට පත්වූ ගම්සභා ක්‍රමය කාලෝචිත පරිදි සකසා ප්‍රතිෂ්ඨාපනය කිරීම බව පැහැදිලි කිරීම අරමුණු කොට ඇය විසින් ගම්සභා ග්‍රමයේ ඉතිහාසය නැමැති මෙම කෘතිය රචනා කොට ඇත.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි අප දැන හඳුනාගත් වියතුන් අතර මහාචාර්ය මාලනී ඇඳගම මැතිණිය සුවිශේෂීය. මාතාවක ලෙස සියලු දරුවන් කෙරෙහි අපරිමිත සෙනෙහසින් ක්‍රියාකළ ඕ තොමෝ නිතර පර්යේෂණ කටයුතුවල නිරත වූවාය. එහි ප්‍රතිඵල වශයෙන් ගම්සභා ක්‍රමයේ ආරම්භය, විකාශනය සහ එහි ඉතිහාසය මූලාශ්‍රය ඔස්සේ විදුහුරුබවින් යුතුව රචනා කොට ඇත. මෙම ග්‍රන්ථය විවිධ විෂයයන් ඉගෙනගන්නා විද්‍යාර්ථින්ට ආලෝකයක් සපයන්නේය. ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර සිරිමතානන්ගේ නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද ගමට ගෙනයාමේ ප්‍රතිඵලයක් වශයෙන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වයක් දිනාගත් ඇය රුවන්වැල්ල මධ්‍ය විද්‍යාලයයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා 1960දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුල් වූවාය. එහිදී ඉතිහාසයට පිළිබඳව විශේෂ උපාධි පාඨමාලාව හදාරා දෙවෙනි පංතියේ උසස් පෙළ ගෞරව සාමාර්ථයක් ලබා 1964 වසරේ සිට එහිම ආචාර්ය මණ්ඩලයට බැඳීමේ වරම් ලැබුවාය. 1973 වසරේදී කොළඹ නගර සභාව 18651900' මැයෙන් ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධනයට ආචාර්ය උපාධිය ලබාගත් මහාචාර්ය මාලනී ඇඳගම මැතිණිය එම වසරේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ඉතිහාස අධ්‍යයනාංශයට බැඳී අධ්‍යයන කටයුතුවල නිරත වූවාය.

දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය, තනතුරු දරමින් අධ්‍යයන කටයුතුවල නිරතවීමෙන් පසුව විශ්වවිද්‍යාලයයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියේන් පිදුම් ලැබූ මාලනී ඇඳගම මැතිණිය වර්තමානයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් මෙරටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංස සම්පාදක මණ්ඩලයේ ලේකම් තනතුර දරන්නීය. අදටත් ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට අපමණ කැපවන ඇයගේ මෙම සත්කාර්යයන් අපට මහත් සතුටකි. මහාචාර්ය මාලනී ඇඳගම මැතිණියට චිර ජීවනය ලැබේවායි සුභාශීර්වාද පෙරදැරිව ප්‍රාර්ථනා කරමි.

Details
ISBN
9789559588313
පිටු ගණන (Pages)
281
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය

Reviews are published once a member of our team has read them.