සුළි සුළඟ අබියස - කාව්‍ය සංග්‍රහය
පීඩනය දරනු නොහී එක මිටකට ගොනු වූ ජනතාව පෙළ සැදී ගොස් පැවැති රජයට පෑ විරෝධය දැන් අතීතයට එක්වී හමාරය. ඒ ‘ජන අරගල’ යෙහි ගාමක බලවේගය වූයේ මෙරට තරුණ පරපුරයි. ඇතැම් විට වයස් හෝ ගැහැනු - පිරිමි හෝ බේද නොසලකා ජනතාව එක් රැස්වූ අවස්ථාවකි, එය.
එකී ජන අරගලය දෙස බලා සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියකු වන එම්. එස්. අබේසිංහයන් දවසින් දවස මෝරා ගිය අරගලයේ ස්වරූපය කවියෙන් සිතුවම් කරන්නේ අපූරු අන්දමිනි.
වගුරා ඩා මුගුරු කාගෙන තද ඇවිව
ඉන්ධන ගෑස් පිටි පෝලින් ඇද ගව්ව
කුසගිනි සා පිපාසාවෙන් ඇද ගෙව්ව
ජනයා බිඳ හෙළති ජනපති තෙද පව්ව
ඡන්දසට අනුගතව යමින් සිය උද්වේගකර හැඟීම් කවියෙන් පළකරන්නට අබේසිංහයන්ට චරිත සරසක් නොවේ.
ගාලු මුවදොර තරුණ කඳවුරු ආක්‍රමණය කළ මැර පිරිසට එරෙහිව මහ ජනතාව දිව ආ අන්දමද, ඔවුන් ගේ ප්‍රතිචාරද කවියා සිතුවම් කරන්නේ ජංගම චිත්‍රයක ආකාරයෙනි.
මේ දියත් වන ප්‍රහාරය ගැන ජන කොටස් දැන ගත් සැනින්
පලා යන්නට ඉඩක් නොතබා වට කළෝ ගම මුළුමනින්
පපා සිහ නද, දමා බිම ඇද ගන්වමින් බිය අධිමනින්
තැබූ හැටි කදිමයි ඔවුන් බේරේ වැවේ පෙළකට දනින්
ශ්‍රී ලාංකේය සමාජය සුළි සුළඟකින් ආලෝලනය කළ පුවතක් වියැකී යා නොදී කවියෙන් සිතේ නිදන් ගත කරන්නට ඔහු දැරූ තැත පැසසුම් කට යුතුයි.
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
2025. 04. 19
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.