සුන්දර කළු අසු
ලුබ්නේට් කන්ද අසලට එන තුරු මා සාමාන්‍ය අන්දමින් ගමන් කළ ද, අධික බරත් මාගේ හෙම්බත් වීමත් තවදුරටත් දරාගැනීමට මා හට අසීරු විය. කස පහර කමින්, තෝන් ලණුවෙන් ඇදීම් නිසා පීඩා විඳිමින් මම මහත් පරිශ්‍රමයක් දරමින් යෑමට තැත් කළෙමි. එක මොහොතකදී එය කෙසේ විණිදැයි මට කිව නොහැකි වුවත් මගේ පාදය මගේ සිරුරට යටින් ලිස්සා ගිය අතර මා මහත් වේගයෙන් එක පසෙකට වැටිණ. මා බිම පතිත වූ වේගයත් ඉක්මනත් නිසා මගේ සිරුරේ වූ සියලු හුස්ම පිට වූ බව පෙනිණ. මම නිසලව වැතිර සිටියෙමි. සැබවින්ම මට සෙලවීමට ශක්තියක් නොවීය. මා සිතුවේ මා මියයමින් සිටිතැයි කියාය. අර අනුකම්පා සහගත සුමිහිරි හඬ “අයියෝ, අසරණ අස්සයා. මේ ඔක්කොම අපේ වැරැද්ද” යි කිවූ බව මට ඇසුණේ යයි මට සිතිණ. තවත් අයෙක් “එයා මැරිලා. එයා ආයෙ නැගිටින්නෙ නැහැ” කියා පැවසුවේය. අනතුරුව පොලිස් නිලධාරියෙකු අණ දෙන හඬ මට ඇසුණද මම දෙනෙත් නොහැරියෙමි. මට කළ හැකි එකම දෙය වූයේ ඉඳහිට හුස්මක් ගැනීම පමණි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.