Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / වෛද්‍ය / සුරතල් සතුන් ලෙඩවන්නට පෙර

සුරතල් සතුන් ලෙඩවන්නට පෙර

About this book

ආදරය, කරුණාව, ලාභ ඉපයීම හා ජෛව විවිධත්වය අරමුණු කරගෙන දඩයම් යුගයේ සිට මිනිසා හා සතුන් අතර ඇති වූ බැඳීම, එඬේර යුගයේ දී ප්‍රබල සමාජයීය සංස්කෘතියක් බවට පත් විය. ගෘහාශ්‍රිතව, ව්‍යාපාර හා ලෝවැසි ජීවත්වන සියලු සතුන් උදෙසා වෙද-හෙදකම් කළ හෙයින්, එය අද පශු වෛද්‍ය විද්‍යාව සේ හඳුන්වමු. නීරෝග සැප හැර සැපයක් මිනිසාටද සතුන්ටද නොමැත. මේ පිළිබඳ අප රටෙහි තහවුරු වී ඇති දුර්මත ඉවත් කළ යුතු කාලයද ඉක්මවා තිබේ. පශු වෛද්‍ය විද්‍යාවේ පර්යේශනාත්මක නමවු දැනුම අප සමාජයේ තහවුරු නොවන්නේ ද මේ ආකල්පමය ගැටලු හේතුවෙනි. 

“සුරතල් සතුන් ලෙඩවන්නට පෙර” කෘතිය පශු වෛද්‍යවරියකගේ අත්දැකීම් ඇසුරින් මෙරට පාඨකයා අතරට පැමිණි කාලෝචිත මැදිහත්වීමකි. මන්දයත් බොහෝදෙනා සතුන් පිළිබඳව එල්බගෙන සිටින දුර්මත වෙනුවට පශු විද්‍යාත්මක සත්‍ය හා නිවැරැදි අවබෝධය මේ කෘතියෙන් ජනගත වේ. එහෙයින්, “පශු සමාජවිද්‍යා” නම් වූ විෂය ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට අත්පොත් තබන පළමු පියවර මෙයයි. පශු වෛද්‍ය යශෝධරා ගුණසේකර ලේඛිකාව දක්වන බුහුටිකම වඩා ප්‍රශංසනීය වන්නේ, පශු සමාජවිද්‍යා විෂය ක්ෂේත්‍රය මෙරටට හඳුන්වා දෙන පුරෝගාමී කෘතිය මෙලෙස සම්පාදනය කිරීමෙනි. 


ආචාර්ය නිරංජලා ද සිල්වා
සභාපති, ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය

ISBN
9789556565645
පිටු ගණන (Pages)
141
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුරතල් සතුන් ලෙඩවන්නට පෙර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.