ස්වාමි සහ මිතුරෝ - ආශිර්වාද

Special Price රු. 320.00 Regular Price රු. 400.00
Out of stock
SKU
swami-saha-mithuro-r-k-narayan-gunathilaka-ashirwada

ගාබ්‍රියෙල් ගාර්සියා මාකේස් මෙන් ම නාරායන් ද හිතේ කිසිදු මහන්තත්තකමක් නොමැතිව කියා හිටින්නේ තමන් කතාන්දර කලාවේ අකුරු කියැවූයේ තම මිත්තණියන්ගේ ඇකයෙහි සිට බවය. ඒක සැබැයි, සැබැයි, සැබැයි. නාරායන් තම කතාන්දර කලාවට 1935 දී අත ගසන්නේ ‘Swami and Friends’ නම් ළමා (යොවුන්) නවකතාව රචනා කරමිනි. එහි ප්‍රධාන චරිතය වන ස්වාමිට ද මිත්තණියක් සිටී, දස හැවිරිදි ස්වාමි කෙළි සෙල්ලමට ද දඟකාරකම්වලට ද නම් දැරූවෙකි. ගුරු දෙගුරුන්ට ‘බෝල බස්සා’ ගෙදරිනුත් පාසලිනුත් පැනගැනීම ඔහුට කජු කන්නා වගේය. ඒ උප්පරවැට්ටියේ මල්ඵල ගැන්වෙන්නේ ඔහු තම මිතුරුකැල මෙහෙයවමින් MCC ය හෙවත් ‘මල්ගුඩි ක්‍රිකට් සමාජය’ පිහිටුවාගෙන දහස් ගණනක ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය තමා වෙත යොමු කර ගනිමිනි.

මේ කියන කාල වකවානුවේ ම රට පුරා පැතිර යන ඉන්දියානු දේශප්‍රේමි නිදහස් අරගලයේ රැල්ල පාගන්නටත් මේ නව යොවුන් ස්වාමිට අවස්ථාව යෙදේ.

දඟකාර කොලු ගැටයකුගේ කොලුකම් තුළින් බාහිර ලෝකයේ දොරගුලු විවර කර පෙන්වන්නට නාරායන් ගන්නා මේ උත්සාහය අගය කරන ග්‍රැහැම් ග්‍රීන් නම් ප්‍රකට බටහිර ලේඛකයා කියන්නේ මෙය නවකතා දහස් ගණනක් අතුරින් ඉහළ ම තැනක තබා කතා කළ යුතු කෘතියක් බවය.

Author R. K. Narayan (7)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
More Information
ISBN 9789556971088
පිටු ගණන 200
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ස්වාමි සහ මිතුරෝ - ආශිර්වාද
Back to Top