Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ස්වාමි සහ මිතුරෝ - ආශිර්වාද

ස්වාමි සහ මිතුරෝ - ආශිර්වාද

About this book

ගාබ්‍රියෙල් ගාර්සියා මාකේස් මෙන් ම නාරායන් ද හිතේ කිසිදු මහන්තත්තකමක් නොමැතිව කියා හිටින්නේ තමන් කතාන්දර කලාවේ අකුරු කියැවූයේ තම මිත්තණියන්ගේ ඇකයෙහි සිට බවය. ඒක සැබැයි, සැබැයි, සැබැයි. නාරායන් තම කතාන්දර කලාවට 1935 දී අත ගසන්නේ ‘Swami and Friends’ නම් ළමා (යොවුන්) නවකතාව රචනා කරමිනි. එහි ප්‍රධාන චරිතය වන ස්වාමිට ද මිත්තණියක් සිටී, දස හැවිරිදි ස්වාමි කෙළි සෙල්ලමට ද දඟකාරකම්වලට ද නම් දැරූවෙකි. ගුරු දෙගුරුන්ට ‘බෝල බස්සා’ ගෙදරිනුත් පාසලිනුත් පැනගැනීම ඔහුට කජු කන්නා වගේය. ඒ උප්පරවැට්ටියේ මල්ඵල ගැන්වෙන්නේ ඔහු තම මිතුරුකැල මෙහෙයවමින් MCC ය හෙවත් ‘මල්ගුඩි ක්‍රිකට් සමාජය’ පිහිටුවාගෙන දහස් ගණනක ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය තමා වෙත යොමු කර ගනිමිනි.

මේ කියන කාල වකවානුවේ ම රට පුරා පැතිර යන ඉන්දියානු දේශප්‍රේමි නිදහස් අරගලයේ රැල්ල පාගන්නටත් මේ නව යොවුන් ස්වාමිට අවස්ථාව යෙදේ.

දඟකාර කොලු ගැටයකුගේ කොලුකම් තුළින් බාහිර ලෝකයේ දොරගුලු විවර කර පෙන්වන්නට නාරායන් ගන්නා මේ උත්සාහය අගය කරන ග්‍රැහැම් ග්‍රීන් නම් ප්‍රකට බටහිර ලේඛකයා කියන්නේ මෙය නවකතා දහස් ගණනක් අතුරින් ඉහළ ම තැනක තබා කතා කළ යුතු කෘතියක් බවය.

ISBN
9789556971088
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ස්වාමි සහ මිතුරෝ - ආශිර්වාද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.