ස්වාමියා සහ සේවකයා
“මේක පුදුම නිදහසක්, මුළු මහත් ආත්මයම විවර වූවා වැනි හැඟීමක්” තවත් මිනිසෙකු ජීවත් කරවීමට ලැබීමේ සුන්දර හැඟීමෙන් ඔහුගේ ආත්මය පිරී ගොස් තිබුණේ මොහොතක්වත් එයින් මිදීමට ඔහුට සිත් නොදිණි. ඔහු තුළ තිබූ බිය සංත්‍රාසය හිරු එළිය වැටී මිදෙන හිම මෙන් දියවී ගොස් තිබුණි.
ස්වාමියා සහ සේවකයා - ලියෝ තොස්තෝයි
“නැහැ. මට කිසිම බඩගින්නක් නැහැ. බොහෝ දුරට මම ආයෙ කවදාවත් කෑම ගන්නේ නැතිවෙයි. ඒක හරිම ස්වභාවික කාරණයක්. මම කිඹුලගේ බඩ පුරවන නිසා ඌට කිසිම කුසගින්නක් දැනෙන්නේ නැහැ. ඌට තවත් අවුරුදු ගණනාවකට ආහාර ගන්න අවශ්‍ය වෙන එකක් නැහැ. ඒ වගේම මම උගේ ඇතුළේ ඉන්න නිසා මට අවශ්‍ය පෝෂණය උගෙන් ලැබෙනවා. අපි අන්‍යෝන්‍ය වශයෙන් ඒ විදියට එකිනෙකා පෝෂණය කර ගන්නව.''
කිඹුලා - පියදෝර් දොස්තොව්ස්කි
ඉවානිච් තටු විහිදා පියඹා ගොස් ඊරියගේ පිට මතට නැග්ගාය. ඔහු පියාපත් හා බෙල්ල සමබර කර පිට මත ස්ථාවර වූ විට ෆියදෝර් ටිමොෆීවිච් සෙමින් සහ අලසව ඊරිය අසලට ගියේය. ඔහු ඊරියගේ පිට මතට නැගීමෙන් පසුව ඉතාමත් සෙමෙන් හා වැඩි උනන්දුවක් නොමැති පාත්තයාගේ කර මතට නැග, ඉදිරි දෙපා ඉහළට ඔසවා පසු දෙපා වලින් පමණක් සිටගත්තේය. මෙම සම්පූර්ණ ජවනිකාව ආගන්තුකයා හැඳින්වූයේ "ඊජිප්තු පිරමීඩය” ලෙසිනි.
කෂ්තන්කා - අන්තොන් චෙකෝෆ්
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.