ස්වර්ණ කාය
About this book
ස්වර්ණ කාය
“හාමුදුරුවනේ, අවුරුදු ගානක් මාව ගබඩාවක හිර කරල හිටියෙ. මාව ඒ තත්වෙට පත් කරපු මිනිස්සුම උන්හිටි හැටියෙ දවසක මාව එතනින් එළියට අරගෙන බුදුන්ට අන්දවල, මල් පහන් පූජ කරල, දණ බිම ඔබල වඳින කොට මට ඇති උනේ මෛත්‍රි හිතක්. මං හිතුව මේ මිනිස්සු ඇත්තටම තමන් අතින් වෙච්ච දේ ගැන කණගාටු වෙනව කියල. ඇත්තටම එහෙම සමාව ඉල්ලන අර්ථයකින් නම් මට වඳින්නේ ඒක උතුම් නැද්ද? මට හිතුණ ඒ මිනිස්සුන්ට පෙරළා වඳින්න. මට ඇඬුණා. මං සමාව දුන්න. වෙච්ච සියලුම දේවල්වලට. කිසිම කහටක් නැතුව. කොන්දේසි විරහිතව.”
“ඒත් පස්සෙ ඔබ වහන්සේට තේරුම් යනව ඒක එහෙම නෙවෙයි කියල.”
“ඔව්, මට පස්සෙ තේරෙන්න ගත්ත ඒක ඒ වගෙ උතුම් කාරණයක් නෙවෙයි කියල. කාරණෙ බොහොම සරල එකක්. රත්තරං මගේ ඇඟ මස්. මාව පැහැර ගත්තෙත් ඒ නිසා. රත්තරංවලින් පූජ කළාම පිනේ බර වැඩියි. වැන්දෙ මට නෙවෙයි. මම ඇඳපු බුදුන්ට. කොටින්ම එතන මම කියලා ආත්මයක් තිබුණද කියල කාටවත් හැඟීමක් තිබුණෙ නෑ. මං නිකම්ම මැටි ගොඩක් වගේ රත්තරං ගොඩක් විතරක් වුණා. මාව එහෙම බුදු අච්චුවකට වක්කරාට කමක් නැද්ද කියල මගෙන් අහන්න කාටවත්ම සිහියක් තිබ්බේ නෑ. මං එහෙම දේකට කැමතිද කියල අහන්න කාටවත් උවමනාවක් තිබ්බෙ නෑ.”
Details
ISBN
9789553112217
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review