රස පොළොව
කළුවර වැටෙන හෝරාව වන විට මහ පෙරහැර ආරම්භ වීමට අලි ඇතුන්ද, ඇත්ගොව්වන් ද, නැට්ටුවන්ද, බෙරවාදකයන්ද, ගිනිකෙළිකරුවන්ද, කසකරුවන්ද සූදානම්වන අතරේ අමුත්තා කොහේදෝ ගෙදරක පිලිකන්නකින් සොරා ගත් කඹයක්ද රැගෙන පන්සල පිටුපස ඇති වනරොදට රිංගුවා. ඔහු කුඩා කල සිටම සහෝදරයෙකු සේ දන්නා හඳුනන ඒ විශාල ගස ළඟ නැවතුණා. ගහට කතා කළා. සමාව ඉල්ලුවා. නික්ම යන්න අවසර ගත්තා. ඒත් ගහ කිසිම කතා බහක් නැතුව හිටියා. තවත් මොහොතකින් උඩ අත්තක ගැට ගැසූ කඹයේ අනිත් කොනෙහි වූ තොණ්ඩුව එම අත්ත මතම හිඳ සිටි තමාගේ ගෙලෙහි රුවාගෙන අවසාන වතාවටත් පන්සල දෙස බැලුවා. වනරොද අස්සෙන් නොයෙකුත් තැන්වල පත්තුවෙන එළි මිසක් පන්සල හරිහැටි පෙනුණේ නැහැ. ඊළඟ මොහොතේ, අත්තෙන් බිමට පනිද්දී අත්ත තෙප්‍රල්දී ඇසුණු ‘ක්‍රික්’ හඬත්, පහතට වැටෙන සිරුර කඹයේ දිග අවසාන වන තැන හදිසියේම නවතින විට ගෙල බිඳී නැගුණු බොල් හඬත් අතරතුර තත්පරයෙන් පංගුවකදී ඔහු කුඩා කාලයේදී තම හිසේ ඇඳුණු කරඬුව මනසින් දුටුවා.
හරියටම ඒ මොහොතේ ක්ෂේප මහා දිව්‍යරාජයා වෙනුවෙන් පැවැත්වෙන මහ පෙරහැරේ ආරම්භය සනිටුහන් කරමින් පළමුවන කස පහර පිපිරුවා. ගම්මණ්ඩිය පුරා සාධු හඬ ගිගුම් දුන්නා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.