Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තලිබාන් ක්‍රිකට් ක්ලබ්

තලිබාන් ක්‍රිකට් ක්ලබ්

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

ආගමික අන්තවාදයේ බිහිසුණු හස්තයෙන් සහ යුධ බියෙන් මැඬලනු ලැබූ කාබුල් නගරය පසුබිම් කොටගත්, අතිශය දරුණු පීඩනය හමුවේ නොසැලී හිඳින එක් ඇෆ්ගනිස්ථානු තරුණියකගේ ආත්ම ශක්තිය සහ ධෛර්යය පිළිබිඹු කෙරෙන හෘදයාංගම වූත්, සංවේදී වූත් නවකතාවකි.

රුක්සානා යනු කාබුල් ඩේලි පුවත්පතේ වාර්තාකාරිනියක ලෙසින් සේවය කරමින් සිටින ඉතා ධෛර්යසම්පන්න තරුණ මාධ්‍යවේදිනියකි. දිනක් ඇයට, එරට ක්‍රියාත්මක වන කුප්‍රකට අමාත්‍යාංශයක් වන ‘ගුණදහම් ප්‍රචාරණය කිරීමේ සහ දුසිරිත් වැළැක්වීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංයේ’ අමාත්‍ය ධුරය දරන, දැඩි මතධාරී, බිහිසුණු පුද්ගලයෙකු වන සෝරක් වහීදි ඉදිරියට පැමිණෙන ලෙසින් දැනුම්දීමක් කරනු ලබයි. එහිදී තලිබාන් රජ්ය විසින් ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරන බව නිවේදනය කෙරෙන අතර, එයින් ජය ලබන කණ්ඩායමට ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමින් තරඟ වැදීම සඳහා විදේශගත වීමට අවස්ථාව හිමිවෙන බව දැනුම් දෙනු ලබයි.

මෙම තරඟාවලිය රුක්සානාගේ සොහොයුරාට සහ ඥාති සොහොයුරන්ට අන්තවාදීන්ගේ රුදුරු ග්‍රහණයට හසුවී ඇති එම බිහිසුණු දේශයෙන් පලා යාමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවකි. එහෙත් රුක්ෂානාට මෙය හුදෙක්ම ක්‍රිකට් තරඟාවලියක් නොව සිය ජීවිතය සහ මරණය අතර කෙරෙන අරගලයකි. මන්දයත්, ඇයව සිරකාරියක ලෙසින් සිය නිවසට කැඳවා ගෙන යෑමේ අරමුණින් යුතුව වහීදි ඇයට විවාහ යෝජනාවක් රැගෙන එන බැවිනි.

සිය ඥාති සොහොයුරන්ගේ සහයද ඇතිව රුක්සානා තම නිදහස උදෙසා අතිශය නිර්භීත සැලසුමක් දියත් කරයි. ඒ සඳහා ඔවුන් කළ යුතුව ඇත්තේ එකම කාර්යයකි; එනම් ක්‍රිකට් ක්‍රීඩාව උගෙන, කෙසේ හෝ එම තරඟාවලිය ජයග්‍රහණය කිරීමයි.

 

ISBN
9786246815790
පිටු ගණන (Pages)
398
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තලිබාන් ක්‍රිකට් ක්ලබ්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.